අනතර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර අද (19 වැනිදා) පැවති තරගයේදී ද්විත්ව ශතකයක් (206) වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහලේ උප නායක අවිෂ්ක ප‍්‍රනාන්දු සමත්විය. ඔහුගේ ද්විත්ව ශතකය හමුවේ ශාන්ත සෙබස්තියන් විදුහල මෙම තරගයෙන් ලකුණු 240 දැවැන්ත ජයක් ලැබීය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 346 ක ඉලක්කයක් හඹාගිය ධර්මපාල විදුහලට ඕවර 35.4 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 105 ක් පමණි. එහිදී සචින්ත සිල්වා පිට පිට පන්දු 3 කදී කඩුලූ ති‍්‍රත්වයක්ද ලබාගනිමින් ලකුණු 16 කට කඩුලූ 4 ක් බිඳහෙළීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් අවිෂ්ක ප‍්‍රනාන්දු සහ සඳරුවන් ප‍්‍රනාන්දු (80) එක්ව ලකුණු 274 ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 135 කින් වාර්තා වූ අවිෂ්ක ප‍්‍රනාන්දුගේ ද්විත්ව ශතක්ට හයේ පහර 7 ක් සහ හතරේ පහර 23 ක් ඇතුළත්වූ අතර සඳරුවන් ප‍්‍රනාන්දුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය.
මෙම තරගාවලියේදී ශාන්ත සෙබස්තියන් විදුහල මේ වන විට තරග 3 කට සහභාගිවී එම තරග 3 ම ජයගෙන ඇති අතර එහිදී ලකුණු 369 ක් රැස්කිරීමට අවිෂ්ක ප‍්‍රනාන්දු සමත්වී තිබේ. ඒ තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 56 ක්, රාජකීය විදුහලට එරෙහිව ලකුණු 106 ක් සහ ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 206 ක් වශයෙනි.
ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 50 කදී කඩුලූ 6 ක් දැවී 345
(අවිෂ්ක ප‍්‍රනාන්දු 206, සඳරුවන් ප‍්‍රනාන්දු 80, කණිෂ්ක ජයසුන්දර 47/4)
ධර්මපාල විදුහල - ඕවර 35.4 කදී සියලූ දෙනා දැවී 105
(ඉසුරු ඩයස් 22, සචින්ත සිල්වා 16/4, අශේන් වර්ණකුළසූරිය 44/3, මලිඳු උත්පල 5/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.