Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අයි.සී.සී.යෙන් ආයාචනයක්

අයි.සී.සී.යෙන් ආයාචනයක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාව දූෂිතයන්ගෙන් බේරා ගැනීම සඳහා තමන්ට සහයෝගය දෙන්නයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව ක්‍රිකට් ක්‍රීඩා ලෝලී සමස්ත ලෝකවාසීන්ගෙන් ආයාචනය කරයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (21 වැනිදා) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් ඒ බව ප්‍රකාශ කෙරේ.

ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මූලස්ථානයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මෙසේ සටහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පරිදි වේ.

“ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය වඩාත් ඉහළ තලයකට ගෙනඒම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව කැපවීමෙන් කටයුතු කරයි. ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම, මෙම වැඩසටහනේදී අවශ්‍ය දේ ඉතාම ප්‍රවේසමෙන් සලකා බලමින්, කිසියම් බරපතළ චෝදනාවක් වෙත්නම් එය සම්පූර්ණයෙන්ම නැවතත් විමසා බැලීමටත්, ක්‍රිකට් ක්‍රීඩාව මෙම දූෂණවලින් මුදවාගැනිම සඳහාත් වෙන කවරදාටත් වඩා සාක්ෂි අප සතුව තිබේ.

“මෙම පරීක්‍ෂණ දැනටමත් ආරම්භ වී තිබේ. ඒවා එකිනෙක හා සම්බන්ධ නොවූ, අනෙකුත් පරීක්‍ෂණ සමගම,  දිගින් දිගටම පැවැත්වෙනු ඇත. මේවා සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමේදී වෘත්තීය මට්ටමේ මෙන්ම ස්වාධීනවූත් ඔට්ටු  දැමීමේ විශේෂඥයන් සමගම කටයුතු කිරීමට අපි සූදානමින් සිටිමු”

ඇලෙක්ස් මාෂල් මහතා

“අපට ඇති පළමු වගකීම අනුව, අපි විකාශන සමාගම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටිමු. අපි ඒ වෙනුවෙන් විකාශන සමාගමෙන් නැවත නැවතත් ඉල්ලීම් කර ඇති අතරම ඔවුන් විසින් ඉල්ලා සිටි පරිදිම ඒ වෙනුවෙන් පැවැත්වෙන පරීක්‍ෂණයේදී ඉතාමත් තීරණාත්මක මෙන්ම වැදගත්වූත් කොටසක් ඉටුකිරීමේ අවස්ථාවද ඔවුන් සතුව තිබේ”

“මෙම කාරණාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමන් සතු ලිපිගොණු සහ අනෙකුත් දේ අපත් ඉන්ටර්පෝල් ආයතනය මෙන්ම නීතිය ආරක්‍ෂා කිරීමේ යෙදී සිටින අනෙකුත් ආයතනත් අතර බෙදාහදා ගැනිීම සම්බන්ධයෙන් විකාශන සමාගමේ කැපවීම සහ සහයෝගය අපි ඉත සිතින්ම අපේක්‍ෂා කරමු. එවන් විටෙකදී මෙම අපරාධකරුවන්ගෙන් ක්‍රීඩාව ආරක්‍ෂා කැගැනීමට අපට වැඩි අවස්ථාවක් ලැබෙනු ඇත”

“කිසිවකු සතුව තොරතුරු තිබේනම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය හා සම්බන්ධවන ලෙසද අපි ආයාචනය කරමු.  

සතියේ දින හතේදී, පැය 24 පුරාම, ක්‍රියාත්මකව පවතින දුරකතන අංක 971 56 545 8909 ඔස්සේ සම්බන්ධ වීමෙන් හෝ කෙටි පණිවුඩ යැවීමෙන් නැතහොත් වට්ස් ඇප් භාවිතා කිරීමෙන් අප හා සම්බන්ධ විය හැකිය.

 


අදහස් (0)

අයි.සී.සී.යෙන් ආයාචනයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.