Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අබුඩාබි 10-දහයට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

අබුඩාබි 10-දහයට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

editorial - 2021 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසර අගදී පැවැත්වීමට නියමිත 5 වැනි අබුඩාබී දහයයි10 ලීග් ක‍්‍රිකට් තරගාවලිය සඳහා ඊයේ පැවැති (7 වැනිදා) ක‍්‍රීඩක වෙන්දේසීයේදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩකයන් 6 දෙනෙකු මිලදීගෙන තිබුණි. ඊට අමතරව බංග්ලා ටයිගර්ස් පිල විසින් ඉසුරු උදානද, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල විසින් වනිඳු හසරංගද ඔවුන්ගේ කණ්ඩායම් වල රඳවාගෙන තිබුණි.

බ‍්‍රහස්පතින්දා ඊයේ පැවැති (7 වැනිදා) ක‍්‍රීඩක වෙන්දේසීයේදී මරාතා ඇරබියන්ස් පිල විසින් දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන් සහ චාමික කරුණාරත්න මිලදී ගත්හ. බංග්ලා ටයිගර්ස් පිල විසින් මතීෂ පතිරණ මිලදී ගන්නා ලද අතර නොදර්න් වොරියර්ස් පිල විසින් උපුල් තරංග මිලදී ගෙන තිබුණි.

මෙවර අබුඩාබි දහයයි10 ලීග් ක‍්‍රිකට් තරගාවලිය නොවැම්බර් 19 වනදා සිට දෙසැම්බර් 4 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. රටවල් 26 ක ක‍්‍රීඩකයෝ 1186 දෙනෙකු ඊයේ පැවැති ක‍්‍රීඩක වෙන්දේසීයට ඉදිරිපත්ව සිටියහ.

ක‍්‍රිස් ගේල්, ෂහිඩ් අෆ්රිඩි, ඔන්ඩි‍්‍ර රසල්, ඔයින් මෝගන්, ඞ්වේන් බ‍්‍රාවෝ, යුසුෆ් පතන්, මොහොමඞ් අමීර්, ජේසන් රෝයි, මොයීන් අලී, ඉම්රාන් තහීර්, ජේම්ස් ෆෝක්නර්, ෆෆ් ඩු ප්ලෙසීස්, ලයම් ලිවින්ග්ස්ටන්, එවින් ලූවිස්, කොලින් ඉන්ග‍්‍රම් වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයෝ රැසක් මෙවර දහයයි10 තරගාවලිය සදහා ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇත.

 


අදහස් (0)

අබුඩාබි 10-දහයට ශී‍්‍ර ලංකාවෙන් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.