Last Update  :  2024-05-07 23:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අපි පීඩනය කරේ දාගත්තා

අපි පීඩනය කරේ දාගත්තා

editorial - 2019 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(යොහාන් භාසුර, ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී සිට..)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්හැම්හි රිවර්සයිඞ් ක්‍රීඩාංගණයේදී ඊයේ (28) පැවැති තරගය පරාජය වීමට ප්‍රධාන හේතුව පිතිකරුවන් අනවශ්‍ය පීඩනයක් ආරෝපණය කරගැනීම බව ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න තරගයෙන් පසුව පැවසීය.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අවිෂ්ක සහ කුසල් හොඳින් පන්දුවට පහර දෙමින් පෙන්නුවා මේ තණතීරුවේ පන්දුවට පහර දෙන්නෙ කොහොමද කියලා. අපිට ඒ සම්බන්ධතාවයෙන් හොඳ අවස්ථාවක් තිබුණා. ඔවුන් දෙදෙනා කිසිඳු බයකින් තොරව ක්‍රීඩා කිරීමෙන් ලකුණු ආවා”

“අවිෂ්ක දැවී යෑමෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු රකින්නො පිතිකරු ආසන්නයේ රදවලා අපේ පිතිකරුවන්ගෙන් වැරදි වෙන්න පීඩනය වැඩි කළා. නමුත් ඒ පිඩනය පාලනය කරන්න අපිට බැරි වුණා”
“පීඩනය පාලනය කරන්නෙ කොහොමද කියලා මැද ඉන්න පිතිකරුවන් දැනගන්න ඕනේ. එය කොහොමද කරන්නේ, මොකද කරන්නෙ කියලා ඔවුන් තීරණය කරන්න ඕනේ”

“පහරක් දෙකක් ගහලා පන්දු රකින්නන් පස්සට තල්ලු කරනවාද කියලා තීරණය කරන්න ඕනේ. නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා පීඩනය වැඩි වුණා”

“ඔවුන් හොඳින් පන්දු යැව්වා. ඒත් මම හිතන්නේ අපි අනවශ්‍ය පීඩනයක් දා ගත්තා. අපි අවදානමක් අරගෙන පාරක් දෙකක් ගහලා පීඩනය පාලනය කළ යුතුයි. අපි ඔවුන්ට ඒ දේ කළා. නමුත් ඔවුන් බය නැතුව පහරවල් ගැහුවා. පහරක් දෙකක් ගහනකොට අපි පන්දු රකින්නන් පස්සට දැම්මා”

“අපේ ක්‍රීඩකයො ගොඩක් කල් ක්‍රීඩා කරපු අය. ඔවුන්ට අවබෝදයක් තියෙන්න ඕනේ පීඩනය අවස්ථාවේදී මොකද කරන්න ඕනේ කියලා. ඒ තීරණය ගත්ත නම් මේ පරාජය ලබන්නේ නෑ”
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ස්ථාවර වීම සඳහා පන්දු රැසකට පහර දී කල්ගෙන දැවී යෑම පිළිබඳව ද දිමුත් මෙසේ සඳහන් කළේය.

“තව දෙකක් තමයි පිතිකරුවන් කඩුල්ලේ ස්ථාවර වුණ ගමන්ම කඩුල්ල විසි කළා. ඒකෙන් තමයි ලොකු අපරාදයක් වුණේ. ඉන් පසුව නව පිතිකරුවෙක් ඇවිත් ස්ථාවර වෙන්න තවත් වෙලාවක් යනවා. ඒ දේ තමයි මේ තරගයේ වුණේ”

“අපේ පිතිකරුවන්ට අන්තය මාරුකරගැනීම කියන දේ කරගන්න බැරි වුණා. ඉනිම පුරාවටම ‘ඩොට් බෝලස්’ තියෙනවා. එහෙම වෙන විට සියලු දෙනාටම පීඩනයක් එනවා. ඒවා තමයි අපි හදාගත යුත්තේ”
“ගොඩක් ක්‍රීඩකයො ලකුණු අතර නැති අය. එය තමයි මම හිතන්නේ මේකට හේතුව. හොඳ ආරම්භයක් ලැබුණ නම් ඉනිම ගොඩනගා ගන්න පු`ඵවන්. නමුත් ඔවුන් ලකුණු අතර නැති නිසා මේ වගේ තත්ත්වයකදී සෙසු පිතිකරුවො පහරවල්වලට යන්න බියක් දක්වනවා. ඒක මටත් පොදුයි”

වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ තත්ත්වය පිළිබඳව දිමුත් මෙසේ පැහැදිළි කළේය.

“ඔහුට පැපොළ රෝගය හැදිලා තියෙන්නේ. තාම තත්ත්වය දන්නේ නෑ. අද වෛද්‍යවරයා තීරණයක් දෙනවා. ඉන් පසුව අපි තීරණයක් ගන්නවා”

 


අදහස් (2)

අපි පීඩනය කරේ දාගත්තා
  • Daham Saturday, 29 June 2019 07:53 AM

    නායකයා වැදි බණ කියලා වැඩක් නෑ ...

    Reply 0       0

    sam Sunday, 30 June 2019 11:50 AM

    දක්ෂයෝ හලලා වැඩ බැරි අය අරන් ගියාම මැච් පරාදයි . දැන් ක්‍රිකට් නැත්තටම නැතිවෙලා .

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.