Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් ිතරගාවලියේ III කොටසේ අවසන් මහ තරගය හලාවත ශාන්ත මරියා විදුහල සහ මීගමුව ශාන්ත පීතර විදුහල අතර හෙට (23 වැනිදා) කටුනායකදී පැවැත්වේ.
අවසන් පූර්ව වටයේදී මෝදර ද ලාසාල් විදුහල පරාජය කරමින් ශාන්ත මරියා විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලබාගත්තේ හංවැල්ල රාජසිංහ මැදි විදුහල පරාජය කරමිනි.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල විද්‍යාලෝක විදුහල විදුහල පරාජය කළ ශාන්ත මරියා විදුහල අර්ධ අවසන් පූර්ව වටයේදී ගලහිටියාව මැදි විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී යාපනය මැදි විදුහල විදුහල පරාජය කරමින් සහ අර්ධ අවසන් පූර්ව වටයේදී හේනේගම මැදි විදුහල පරාජය කරමින් ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ශාන්ත මරියා විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කවිඳු හේෂාන්ද, උප නායකයා ලෙස රජික ප‍්‍රනාන්දුද කටයුතු කරන අතර ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ නිෂාන් පීරිස්ද, උප නායකයා ලෙස චාමර දිල්ෂාන්ද කටයුතු කරති.
ශාන්ත මරියා විදුහල් කණ්ඩායම
පළමු පෙළ (වමේ සිට දකුණට) - මදුන් චාරුක, කවිඳු හේෂාන් (නායක), එඞ්වඞ් ගාමිණි මහතා (පුහුණුකරු), සඳලාල් අල්විස් සහෝදරතුමා (විදුහල්පති), මෙරිනෝ දීමන්ත (ක‍්‍රිකට් ක‍්‍රිඩාව භාර ආචාර්ය), භාෂිත් පීරිස් (සහයක පුහුණුකරු), රජික ප‍්‍රනාන්දු (උප නායක), රෝෂිත සෙනෙවිරත්න
දෙවැනි පෙළ (වමේ සිට දකුණට) - නිෂාර්ඞ් රොෂේන්, ඇන්ඩෘ ශෙෂාන්, සදීෂ විඳුරංග, භවන්ත චමුදිත, කවිඳු ශානක, යොවෙල් ක්‍රෙග්ස්ටන්, දිලූෂාන් ජයශංක, සශාන් දිනෙත්, දිල්ෂාන් සංජීව, අකලංක දිනුජය, ශෙහාන් දිල්ෂාන්, රෙනෙෂ්ක ප‍්‍රනාන්දු
ශාන්ත පීතර විදුහල් කණ්ඩායම
පළමු පෙළ (වමේ සිට දකුණට) - ඩබ්ලිව්. එම්. ජේ. එල්. ප‍්‍රනාන්දු (ක‍්‍රිකට් ක‍්‍රිඩාව භාර සහයක ආචාර්ය), එස්. ඒ. ජී. එස්. නිෂාන්ත (පුහුණුකරු), මාරි නුවන්ති කන්‍යා සොහොයුරිය (ප‍්‍රාථමික අංශ ප‍්‍රධානී), නිෂාන් පීරිස් (නායක), කේ. ඞී. ආර්. ඞී. ඩබ්ලිව්. ප‍්‍රනාන්දු (විදුහල්පති), චාමර දිල්ෂාන් (උප නායක), ජී. එම්. ප‍්‍රනාන්දු (උප විදුහල්පති), ලක්ෂ්මන් සමරනායක (ක‍්‍රිකට් ක‍්‍රිඩාව භාර ආචාර්ය), එස්. ඒ. එල්. ඞී. නිලන්ත (පුහුණුකරු)
දෙවැනි පෙළ (වමේ සිට දකුණට) - බුද්ධික මධුසංක, ජනුත් චෂාන්, උමේෂ් ලක්ෂාන්, තරිඳු ශි‍්‍රනාත්, කි‍්‍රෂාන් ළහිරු, දිනාල් ප‍්‍රමිල්, නිර්මාල් රොමිල්ටන්
තෙවැනි පෙළ (වමේ සිට දකුණට) - සංජුල කි‍්‍රෂාන්, සතිඳු මධුසංක නිපුන් සුසංග, සජිත් ප‍්‍රමුදිත්, ඇන්ටිපස් තමෙල්, හිරුෂ ශමෝද්, ඉසුරු උත්පල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.