ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ II කාණ්ඩයේ කි‍්‍රකට් තරගාවලිය කණ්ඩායම් 77 ක සහභාගීත්වයෙන් මේ මාසයේදී ආරම්භ වීමට නියමිතය.
මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් තරාගාවලියේ ආරම්භක තරගය පැවැත්වීමේ දිනය දින 5 කින් කල්දැමීමට ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව මේ මස 20 වැනිදාට පෙර පැවැත්විය යුතුව තිබූ පළමු තරගය මේ මස 25 වැනිදාට පෙර පැවැත්විය යුතු ලෙසින් තරගාවලිය ඉදිරියට ගෙන ගොස් තිබේ.
ඉකුත් වසරේ සීමිත ඕවර ( ඕවර 50) තරගාවලියක් ලෙස පැවැති තරගාවලිය මෙවර එක්දින තරගාවලියක් ලෙස පැවැත්වේ. එනම් එක් තරගයක් පැය 6 කුත් විනාඩි 20 ක කාලයක් පැවැත්වේ. එහිදී යැවිය යුතු අවම ඕවර සංඛ්‍යාව 95 කි. එක් කණ්ඩායමකට ඕවර 65 කට වඩා පන්දුවට පහරදීමට නොහැකි වන අතර පළමු ඉනිමේ ජයග‍්‍රහණ සඳහා කණ්ඩායම් වලට ප‍්‍රසාද ලකුණු හිමිවේ.
පළමු වටයේදී කණ්ඩායම් 77 කාණ්ඩ 13 යටතේ තරග වැදීමට නියමිත අතර ඒ අතුරින් දෙවැනි වටය සඳහා කණ්ඩායම් 40 ක් තෝරාගනු ලැබේ.
දෙවැනි වටයට සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් 40 කාණ්ඩ 8 ක් යටතේ ලීග් ක‍්‍රමයට තරග වැදීමට නියමිත අතර එම කාණ්ඩ අටේ ශූරයන් සහ අනුශූරයන් වන කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටටයට සුදුසුකම් ලබයි. අවසන් පූර්ව වටයේ සිට දින දෙකේ තරග පැවැත්වේ.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේදී මෝදර ද ලාසාල් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සම ශූරතාව දිනාගත්තේය. අනුශූරතාව මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට හිමිවිය.
එම වසරේදී III වැනි කාණ්ඩයේ සම ශූරතාව දිනාගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල සහ අනුශූරතාව හිමිකරගත් සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ විදුහල මෙවර තරගාවලියේදී II වැනි කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.
	‘ඒ’ කාණ්ඩය -
	හංවැල්ල රාජසිංහ මැදි විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ සාන්ත තෝමස් ප‍්‍රාථමික විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල් ‘බී’ කණ්ඩායම, හොරණ තක්ෂිලා විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම
	‘බී’ කාණ්ඩය -
	හෝමාගම මැදි විදුහල, කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ තර්ස්ටන් විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ නාලන්දා විදුහල් ‘බී’ කණ්ඩායම, කොට්ටාව ආනන්ද විදුහල, හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල, කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම
	‘සී’ කාණ්ඩය -
	කෝට්ටේ ජනාධිපති විදුහල් ‘බී’ කණ්ඩායම, සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘බී’ කණ්ඩායම, මොරටුව වේල්ස්කුමර විදුහල් ‘බී’ කණ්ඩායම, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ‘බී’ කණ්ඩායම, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම
	‘ඞී’ කාණ්ඩය -
	කැලණි විද්‍යාලය, කොලොන්නාව හෙන්රි  ඕල්කට් විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල, කොළඹ ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම, කොළඹ වෙස්ලි විදුහල් ‘බී’ කණ්ඩායම
	‘ඊ’ කාණ්ඩය -
	ගණේමුල්ල ගලහිටියාව මැදි විදුහල, ගම්පහ බණ්ඩාරවත්ත පරාක‍්‍රම විදුහල, කඳාන ද මැසිනොද් විදුහල් ‘බී’ කණ්ඩායම, නිට්ටඹුව රන්පොකුණුගම විදුහල, එෙඬ්රමුල්ල ශාන්ත ජෝෂප් විදුහල, මීගමුව ශාන්ත පීතර විදුහල
	‘එෆ්’ කාණ්ඩය -
	මීගමුව හරිස්චන්ද්‍ර විදුහල, කොච්චිකඬේ ලොයෙලා විදුහල, තෝලංගමුව ඩඞ්ලි සේනානායක විදුහල, කිරිඳිවැල මැදි විදුහල, වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල, ජාඇල කි‍්‍රස්තු රාජ විදුහල
	‘ජී’ කාණ්ඩය -
	මතුගම ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය, පානදුර මහානාම විදුහල, පානදුර ශාන්ත අන්තෝනි විදුහල, මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මැදි විදුහල, හොරණ සී‍්‍රපාලි විදුහල
	‘එච්’ කාණ්ඩය -
	වාරියපොල ශ්‍රී සුමංගල විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, හලාවත ආනන්ද ජාතික පාසල, පන්නල ජාතික පාසල, කුරුණෑගල වයඹ රාජකීය විදුහල
	‘ජේ’ කාණ්ඩය -
	කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල, අනුරාධපුර මැදි විදුහල, මාතලේ විජය විදුහල, මහනුවර ධර්මරාජ විදුහල් ‘බී’ කණ්ඩායම, කැකිරාව මැදි විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ‘බී’ කණ්ඩායම
	‘කේ’ කාණ්ඩය -
	නුගවෙල මැදි විදුහල, ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල, අකුරණ අසාර් විදුහල, ගලගෙදර මැදි විදුහල, මහනුවර ති‍්‍රත්ව විදුහල් ‘බී’ කණ්ඩායම, මාතලේ කි‍්‍රස්තුදේව විදුහල, මහනුවර ශ්‍රී සුමංගල විදුහල
	‘එල්’ කාණ්ඩය -
	බණ්ඩාරවෙල මැදි විදුහල, රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහල, ගුරුතලාව සාන්ත තෝමස් විදුහල, රත්නපුර සීවලී මැදි විදුහල, බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මැදි විදුහල, මොණරාගල රාජකීය විදුහල
	‘එම්’ කාණ්ඩය -
	බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල, රත්නපුර කුමර විදුහල, බදුල්ල මැදි විදුහල, බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර විදුහල, බඩල්කුඹුර නිස්සංක ජාතික පාසල
	‘එන්’ කාණ්ඩය -
	බෙන්තොට ගාමිණි මැදි විදුහල, හුංගම විජයබා ජාතික පාසල, හික්කඩුව ශ්‍රී සුමංගල මැදි විදුහල, වාද්දුව මැදි විදුහල, කුලේගොඩ මාදම්පා මැදි විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.