Last Update  :  2026-03-18 19:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 96 ලෝක කුසලාන සැමරුම් උත්සවය අද මහරගමදී

96 ලෝක කුසලාන සැමරුම් උත්සවය අද මහරගමදී

editorial - 2026 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව 1996 වසරේදී ලෝක කුසලාන දිනා 30 වසරක් සපිරීම නිමිත්තෙන් ඉන්දිරා පිළිකා භාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම සමග එක්ව කටයුතු සංවිධානය කරන සැරමරුම් උත්සවයක් අද (17 වැනිදා)  මහරගම පිහිටි ඉන්දිරා පිළිකා භාර පරිශ්‍රයේදී පැවැත්වේ. 

ජයග්‍රහණයේ කොටස් කරුවන් වූ 1996 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන අතර එහිදී මෙම ජයග්‍රහණයේ අභිමානවත් බව සිහිපත් කරමින්, දිනාගත් ලෝක කුසලාන ඉන්දිරා පිළිකා භාර පරිශ්‍රයේදී මහජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරේ. 

ඊට සමගාමීව ඉන්දිරා පිළිකා භාරය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම නිල වශයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට නියමිත අතර එමගින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ආශ්වාදය සහ දිරිගැන්වීම උපයෝගී කරගනිමින් පිළිකා රෝග ඇතුළු බරපතල රෝගාබාධ වැලදී ඇති දරුවන්ගේ අපේක්ෂාවන් දිරිගැන්වීම  සහ ඉහළ නැංවීම සදහා එක්ව කටයුතු කිරීමට අපේක්ෂා කෙරේ.
 
බරපතල රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 3 සිට 17 දක්වා දරුවන්ට ප්‍රාර්ථනා ලබා දෙන Make A Wish Sri Lanka වැඩසටහන ද ඉන්දිරා පිළිකා භාරය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. දිගු කාලීන සහ දුෂ්කර වෛද්‍ය ප්‍රතිකාර ලබන දරුවන්ගේ ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක කාල පරිච්ඡේදයකදී බලාපොරොත්තුව, ධෛර්යය සහ ශක්තිය සැලසීම මෙමගින් සිදුකෙරේ. 

වසර 1981 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම, දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා ක්‍රිකට් සංවර්ධනයට මෙන්ම ප්‍රජාවන්ට සේවය කිරීම සඳහා දායකත්වය ලබා දී ඇත. වසර 2016 දී ආරම්භ කරන ලද ඉන්දිරා පිළිකා භාරය, පිළිකා සහ අනෙකුත් බරපතල රෝගාබාධවලට මුහුණ දෙන පවුල්වලට සහාය වීම සඳහා කැප වූ ප්‍රමුඛතම ශ්‍රී ලාංකික සංවිධානයකි. 


අදහස් (0)

96 ලෝක කුසලාන සැමරුම් උත්සවය අද මහරගමදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.