Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 4-0කින් ඉන්දියාව තරගාවලියේ ඉදිරියට

4-0කින් ඉන්දියාව තරගාවලියේ ඉදිරියට

editorial - 2020 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර වෙලින්ටන්හිදී ඊයේ (31 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි20 තරගය සුපිරි ඕවරයේදී ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. එම ජයත් සමග තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 4-0 ක් ලෙස ජය ගැනීමටද ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගාවලියේදී ලකුණු සම වීමෙන් නිමාවට පත් වූ දෙවැනි තරගය මෙය වන අතර මෙලෙසින්ම නිමාවට පත් වූ තෙවැනි තරගයේ සුපිරි ඕවරය ජයගැනීමට සමත් වූයේද ඉන්දියාවය.

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 20 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලාබාගත හැකි වූයේ ලකුණු 165 ක් පමණි. තරගය ජයගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට අවසන් ඕවරයේදී ලකුණු 7 ක් අවශ්‍යව තිබූ අතර ඒ වන විට ඔවුන් සතුව කඩුලු 7 ක් ඉතිරිව තිබිණ.

කෙසේ වුවත් කඩුලු 4 ක් බිඳවැටුණ එම අවසන් ඕවරය ලකුණු 6 කට සීමා කිරීමට වේග පන්දු යවන ක්‍රීඩක ශර්දුල් ඨාකුර් සමත් විය. එහි පළමු පන්දුවේදී රොස් ටේලර් (24) දවාගත් ඨාකුර්, පස්වැනි පන්දුවේදී ඩර්ලි මිචෙල්ද (0) පිටියෙන් ඉවත් කළේය. ලකුණු 57 ක් ලබා සිටි ටිම් සෙයිෆර්ට් දෙවැනි පන්දුවේදීද, ලකුණු 2 ක් ලබා සිටි මිචෙල් සෑන්ට්නර් අවසන් පන්දුවේදීද දුවද්දී දැවීයෑම් වලට හසුවූහ.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකය තෝරාගැනීම සඳහා සුපිරි ඕවරයක් ක්‍රියාත්මක වූ අතර එහිදී පළමුවෙන් පන්දුවට පරහදුන් නවසීලන්ත කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 13 ක් ලබාගත්තේය. කෙසේ වුවත් පන්දු 5 කදී කඩුල්ලක් දැවී ලකුණු 14 ක් ලබාගත් ඉන්දියාව පිට පිටම පැවැති තරග දෙකක සුපිරි ඕවර දෙකකදී නවසීලන්තය පරාජය කිරීමට සමත් විය.

නවසීලන්ත ඉනිම තුළදී අර්ධ ශතක ලබාගැනීම කොලින් මුන්රෝ (64) සහ ටිම් සෙයිෆර්ට් (57) සමත් වූ අතර පන්දු 47 කදී වාර්තා වූ මුන්රේගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින්ද, පන්දු 39 කදී වාර්තා වූ සෙයිෆර්ට්ගේ අර්ධ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින්ද සමන්විත විය. රොස් ටේලර් පන්දු 18 කදී ලකුණු 24 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකණු 165 ක් ලබාගත් අතර එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මනීෂ් පාණ්ඬේ පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 50 ක් රැස්කරමින් ඉන්දීය ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඉෂ් සෝධි ලකුණු 26 කට කඩුලු 3 ක් දවාගත් අතර ඉන්දීය පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් හමීෂ් බැනෙට් ලකුණු 41 කට කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් විය.


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 8 කට 165
(ලොකේෂ් රාහුල් 39, මනීෂ් පාණ්ඬේ නොදැවී 50, ශර්දුල් ඨාකුර් 20, ඉෂ් සෝධි 26/3, හමීෂ් බැනෙට් 41/2)

නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 7 කට 165
(කොලින් මුන්රෝ 64, ටිම් සෙටිෆර්ට් 57, රොස් ටේලර් 24, ශර්දුල් ඨාකුර් 33/2)

- 036

 


අදහස් (0)

4-0කින් ඉන්දියාව තරගාවලියේ ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.