Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 250 කඩඉම හයේ පහර 3 කින් සමරයි
අයි.පී.එල්. - 2024

250 කඩඉම හයේ පහර 3 කින් සමරයි

editorial - 2024 අප්‍රේ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුම්බායි හි වැන්කඬේ පිටියේදී ඉරිදා (14 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී ඩැරිල් මිචෙල්ගේ දැවීයාම වෙනුවෙන් මුළු ක්‍රීඩාංගණයම අත්පොළසන් දුන්හ. කොටසක් හර්දක් පාණ්ඩ්‍යා විසින් ඩැරිල් මිචෙල්ගේ කඩුල්ල දවාගැනීම වෙනුවෙනි. තවත් කොටසක් මහේන්ද්‍ර සිං දෝනි ඉන් අනතුරුව පිටියට පිවිසෙන බැවිනි. අයි.පී.එල්. ඉතිහාසයේදී එකම කණ්ඩායමක් (චෙන්නායි සුපර් කිංග්ස්) වෙනුවෙන් තරග 250 ක් නියෝජනය කළ පළමු ක්‍රීඩකයා වූ මහේන්ද්‍ර සිං දෝනි එම අවස්ථාව අලංකාර කළේ හර්දික් පාණ්ඩ්‍යා හමුවේ පිට පිටම ගැසූ හයේ පහර 3 කිනි. 

විනාඩි 4 ක් තුළදී මුහුණ දුන් පන්දු 4 න් තුනකට පිට පිටම හයේ පහර 3 ක් ගැසූ දෝනි සිව්වැනි පන්දුවටත් හයේ පහරක් ගැසීමට උත්සාහ කළ දෝනිගේ පිත්තේ කොණක වැදුණු පන්දුව පිටියේ ඈත කෙළවරට යාම නිසා එයින් ලැබුණේ ලකුණු 02 ක් පමණි. අයි.පී.එල් ඉතිහාසයේදී මුහුණ දුන් මුල්ම පන්දු තුනටම හයේ පහර 3 ක් ගැසූ තුන්වැනි පිතිකරුවා ලෙසින්ද දෝනි වාර්තා පොතට ඇතුළත් විය.
 
අයි.පී.එල්. තරගයක අවසන් ඕවරයේදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේද දෝනි විසිනි. ඉරිදා ගැසූ හයේ පහර 3 ත් සමගින් අවසන් ඕවරවලදී දෝනිගේ පිත්තෙන් වාර්තා වූ හයේ පහර සංඛ්‍යාව 64 කි. එහි දෙවැනි ස්ථානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ, බටහිර ඉන්දීය ක්‍රීඩක කිරන් පොලාර්ඞ් (හයේ පහර 33) සතුව තිබේ. 

2024 අයි.පී.එල්. තරගාවලියේදී පමණක් පන්දු 82 කට මුහුණ දී සිටින මහේන්ද්‍ර සිං දෝනි ගැසූ හයේ පහර සංඛ්‍යාව 16 කි. ඔහුගේ ලකුණු 163 න් ලකුණු 124 ක් පැමිණ ඇත්තේ හයේ සහ හතරේ පහර වලිනි. 

- 213


අදහස් (0)

250 කඩඉම හයේ පහර 3 කින් සමරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.