Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් එළිදක්වනු ලබන ලෝකයේ පැරණිතම සඟරාවක් වන එංගලන්තයේ විස්ඩන් සඟරාව මගින් නම් කරන ලද වයස 25 න් පහළ ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් තෝරාගනු ලැබ ඇත. මේ වසරේ ජූලි මස 17 වැනිදා වන විට වයස 25 ට අඩු ක්‍රීඩකයන්ගෙන් මෙම කණ්ඩායම සමන්විත වන අතර කුසල්ට හිමිව ඇත්තේ අංක 3 පිතිකරුවාගේ ස්ථානයයි.
කණ්ඩායමට ඇතුළත්ව සිටින අත්දැකීම් බහුලම ක්‍රීඩකයා වන මෙන්ඩිස්, මේ දක්වා ටෙස්ට් තරග 44 කදී ශතක 7 ක් සහ අර්ධ ශකත 11 ක් සමග ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 2995 කි.
දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒඞ්න් මාක්රම් සහ එංගලන්ත ක්‍රීඩක ඩොමිනික් සිබ්ලි මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස තෝරාගනු ලැබ ඇත. පාකිස්තාන ක්‍රීඩක බාබර් අසාම්ට එහි නායකත්වය හිමිව තිබේ. එංගලන්ත ක්‍රීඩක ඔලී පෝප් සහ ඉන්දීය කඩුලු රකින්නා වන රිෂාබ් පාන්ට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් ලෙසින් තෝරාගනු ලැබ ඇත.
එංගලන්තයේ සෑම් කරන් තුන් ඉරියව් ක්‍රීඩකයා වන අතර දඟ පන්දු යවන්නා ලෙස ඇෆ්ඝනිස්තානයේ රෂීඞ් ඛාන්ද, වේග පන්දු යවන්නන් ලෙස ජොෆ්රා ආචර් (එංගලන්තය), කගිසෝ රබාඩා (දකුණු අප්‍රිකාව) සහ ශහීන් අෆ්රිඩි (පාකිස්තානය) ද නම් කරනු ලැබ තිබේ.
විස්ඩන් සඟරාවේ ප්‍රධාන කතෘ (ලෝරන්ස් බූත්), අන්තර්ගතයේ ප්‍රධානියා, විශේෂාංග කතෘ, යශ් රානා, බෙන් ගාර්ඩිනර් සහ තාහා හෂම් යන අයගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම ක්‍රීඩකයන් තොරාගෙන ඇත.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.