Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 25 දෙනකුගෙන් ප්‍රශ්න කරති

25 දෙනකුගෙන් ප්‍රශ්න කරති

Nisanka Sandeepani - 2018 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුදලට තරග පාවාදීමට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ බවට විදේශීය රූපවාහිනි ආයතනයකින් සහ වෙනත් ආකාරවලින් හෙළි වූ තොරතුරු පදනම් කරගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) දූෂණ මර්ධන අංශය ශ්‍රී ලංකාවේ ඇතැම් නිලධාරීන්ගේ බැංකු ගිණුම් ද පරීක්‍ෂා කර ඇතැයි වාර්තා වේ. 

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන අංශය මේ වන විට අවස්ථා කීපයකදී ශ්‍රී ලාංකිකයන් 25 කට අධික සංඛ්‍යාවකින් ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ. 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් විදේශ රූපවාහිනි ආයතනයක් කළ හෙළිදරව්වට සම්බන්ධ නිලධාරීන්ගේ දුකරථන සහ බැංකු වාර්තා ද ලබාගෙන ඇති බව වාර්තා වේ. 

චෝදනා එල්ල වූ ඇතැම් නිලධාරීන්ගේ දුරකථන ලබාගෙන එය කිසියම් උපාංගයකට සම්බන්ධ කර පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නැවත ලබාදී ඇති බව ද වාර්තා වේ. 

එහිදී අයි.සී.සී. නිලධාරීහූ ඇතැම් චෝදනා ලාභීන්ට පවසා ඇත්තේ මෙය ප්‍රශ්න කිරීමක් නොව සුහද සාකච්ඡාවක් බවයි. 

 


අදහස් (0)

25 දෙනකුගෙන් ප්‍රශ්න කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.