Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 19 න් පහළ කි‍්‍රකට් ශූරතාව ශා. සෙබස්තියන් විදුහලට

19 න් පහළ කි‍්‍රකට් ශූරතාව ශා. සෙබස්තියන් විදුහලට

ශනුක අරවින්ද - 2016 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අවිෂ්ක ප‍්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම අද (1 වැනිදා) සමත් විය.

මහනුවර ති‍්‍රත්ව විදුහලට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කරගනිමින් ශාන්ත සෙබස්තියන් විදුහල එම ශූරතාවට හිමිකම් කීහ.

ශාන්ත සෙබස්තියන් විදුහල ‘සිංගර් කුසලාන’ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර මාරියෝ රීස්ගේ නායකත්වය යටතේ නාලන්දා විදුහල සමග 1996 වසරේ පැවැති තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමටද ඔවුන් සමත් වී තිබේ.

දෙවැනි වටයේදී මොරටු විද්‍යාලය පරාජය කළ ශාන්ත සෙබස්තියන් විදුහල, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ රාජකීය විදුහලද, අර්ධ අවසන් පූර්ව වටයේදී ඉසිපතන විදුහලද, අවසන් පූර්ව වටයේදී ඉකුත් වසරේ අනු ශූරයන් වූ ආනන්ද විදුහලද පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 44 ක් අවසානයේ කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. උප නායක සඳරුවන් ප‍්‍රනාන්දු (නොදැවී 62) සහ නිමේෂ් බණ්ඩාර (නොදැවී 22) එක්ව 7 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් ශාන්ත සෙබස්තියන් විදුහල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

ලකුණු 14 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට ශනෝගීත් ශන්මුගනාදන් සමත් වුවත් ති‍්‍රත්ව විදුහල පරාජයෙන් ගළවාගැනීමට තරම් එම දස්කම ප‍්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ති‍්‍රත්ව විදුහල වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කළ රවීන් සේයර් ලකුනු 69 ක් රැස්කිරීමට සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ අවිෂ්ක ප‍්‍රනාන්දු ලකුණු 11 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් වූ අතර අශේර් වර්ණකුලසූරිය සහ ප‍්‍රවීන් ජයවික‍්‍රම කඩුලූ 2 බැගින් දවාගත්හ.

ති‍්‍රත්ව විදුහල -  ඕවර 49 කදී සියලූ දෙනා දැවී 166
(රවීන් සේයර් 69, ශවිඳු අමරසිංහ 33, ශනෝගීත් ශන්මුගනාදන් 21, අවිෂ්ක ප‍්‍රනාන්දු 11/3, අශේර් වර්ණකුලසූරිය 49/2, ප‍්‍රවීන් ජයවික‍්‍රම 17/2)

ශාන්ත සෙබස්තියන් විදුහල -  ඕවර 44 කදී කඩුලූ 6 ක් දැවී 168
(සඳරුවන් ප‍්‍රනාන්දු නොදැවී 62, අවිෂ්ක ප‍්‍රනාන්දු 27, නිමේෂ් බණ්ඩාර නොදැවී 22, ශනෝගීත් ශන්මුගනාදන් 14/3)

 


අදහස් (0)

19 න් පහළ කි‍්‍රකට් ශූරතාව ශා. සෙබස්තියන් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.