Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර අවසන් මහ තරගය නැවතත් කල්දැමීමට පාසල් ක‍්‍රිකට් සංගමය තීරණය කර තිබේ.
මෙම අවසන් මහ තරගය තුන්දින තරගයක් වන අතර එය අද (17) සිට 19 වැනිදා දක්වා කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් තරගය කල්දැමීමට තීරණය කළ බව පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් කපිල ජයලත් මහතා පැවසීය.
‘‘තරගය පැවැත්වෙන දිනයක් තවම තීරණය කර නෑ. දිනය පසුව දැනුම් දෙනවා’’ යයි ජයලත් මහතා වැඩි දුරටත් පැවසීය.
මෙම තරගය පසුගිය අපේ‍්‍රල් මස 21 දින ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලිය හේතුවෙන් කල්දැමීය.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.