ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. ඒ අනුව 2020 වසරේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ඔහු එම තනතුරේ කටයුතු කරනු ඇත.
තිලකරත්න මහතා මින් පෙර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙසද කටයුතු කළ අතර ඔහු අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙක්ද වේ.
මේ වසරේ (2018) අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී ගාල්ල කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලකරත්න මහතා, එම කණ්ඩායම සිවුදින තරගාවලියේ ශූරතාව කරාද, සීමිත ඕවර තරගාවලියේ අනු ශූරතාව කරාද මෙහෙය වීය.
ටෙස්ට් තරග 83 කට සහ එක්දින තරග 200 කට සහභාගි වී ඇති තිලකරත්න මහතා, ලෝක කුසලාන තරගාවලිය 4 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ. 1996 ලෝක කුසලාන ජයගත් කණ්ඩායමේද සාමාජිකයෙක් වූ ඔහු, 2004 වසරේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයද දැරීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.