බොරැල්ල ඩි.එස් සේනානායක විද්‍යාලය සහ කොල්ලූපිටිය මහනාම විද්‍යාලය අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘ රන් සටන’ 10 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය.
මේ දක්වා පැවති තරග 10 න් විසඳුමකින් අවසන්වූයේ 2014 දී පැවැති තරගය පමණී. බිනුර ප‍්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග වැදුණු ඩි.එස් සේනානායක විද්‍යාල කණ්ඩායම එහිදී තරගය ජයගැනීමට සමත්විය. ඉතිරි තරග නවයම විසඳුමකින් තොරව අවසන්විය.
පළමුව පන්දුවට පහරදුන් මහනාම විද්‍යාලය පළමු ඉනිමට ලකුණු 168 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ලකුණු 86 කට කඩුලූ 7 ක් බිදවැටී තිබූ අවස්ථාවේදී අටවන කඩුල්ල සදහා ලකුණු 47ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නිලූක හෙට්ටිආරච්චි (38) සහ පැතුම් බොතේජූ (21) සමත්වූහ.
කඩුලූ 7 ක් දැවී ලකුණු 194 ක් රැස්කළ ඩි.එස් සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිම අත්හිටුවීය. කවීන් බණ්ඩාර (65) සහ තිමිළ විද්‍යාසේකර (55) අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ. හත්වන කඩුල්ල සදහා ලකුණු 50 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට කවීන් බණ්ඩාර සහ ශෂික ළහිරු සමත්වූහ.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද පස්වරුවේ තරගය අවසන් වන විට මහනාම විද්‍යාලය දෙවැනි ඉනිමේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 124 ක් රැස්කර සිටියේය. සහන් පීරීස් (57) සහ නදුන් වැලිකල (51) අර්ධ ශතක එහිදී රැස්කිරීමට සමත්වූහ.
දෙවන කඩුල්ල සදහා ලකුණු 103 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සහන් පීරීස් සහ නදුන් වැලිකල සමත්වූහ.
මහනාම විද්‍යාලය - පළමු ඉනිම ඕවර 85 කදී කඩුලූ 9 ක් දැවී 168
(නිලූක හෙට්ටිආරච්චි 38, පැතුම් බොතේජූ 21, තනුල සංදේශ් 21, නදුන් වැලිකල 20, තිමිළ විද්‍යාසේකර 22/2, සචින් බණ්ඩාර 24/2, ටොරින් පිටිගල 35/2)
ඩි.එස් සේනානායක විද්‍යාලය - පළමු ඉනිම ඕවර 69 කදී කඩුලූ 7 ක් දැවී 194
(කවීන් බණ්ඩාර 65, තිමිළ විද්‍යාසේකර 55, හර්ෂ විතානාරච්චි 30/2)
මහනාම විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 29.3 කදී කඩුලූ 3 ට 124
(සහන් පීරීස් 57, නදුන් වැලිකල 51)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.