කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල සහ මීගමුව සාන්ත පීතර විදුහල අතර පැවැති 5 වැනි ‘මුහුදු ළිහිණින්ගේ සටන’ මහ ක‍්‍රිකට් තරගය ජය ඊයේ (2 වැනිදා) පැරදුමෙන් තොරව අවසන්විය. මෙම තරගය කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.
තරගයේ ජයග‍්‍රහණය සඳහා කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමට ලකුණු 203 ක ඉලක්කයක් හිමිවිය. තරගයේ අවසන් දිනය වු ඊයේ සවස ක‍්‍රීඩාව නතර කරන විට සාන්ත සෙබස්තියන් විදුහල් කඩුලූ තුනක් දැවී ලකුණු 108 ක් ලබා සිටියේය.
මෙම තරගයේදී ඉනිම දෙකේදීම ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ ඩිනාල් ප‍්‍රමිල් ලකුණු 70 සීමාව පසු කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය. ඩිනාල්, පළමු ඉනිමේදී නොදැවී ලකුණු 76 ක් ලබා ගත්තේ පන්දු 82 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් සමගිනි. දෙවැනි ඉනිමේ ඩිනාල්, පන්දු 97 කදී ලබා ගත් ලකුණු 77 ට හතරේ පහර හතක් සහ හයේ පහක් අන්තර්ගත විය.
ඩිනාල්, තරගයේ වීරයා සම්මානය දිනාගත් අතර සාන්ත සෙබස්තියන් විදුහලේ ශෙෂාන් උදාර, දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන ලැබීය.
ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ නිර්මල් රොමිල්ටන් සහ සාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නිමේෂ් ධනංජය පිළිවෙලින් දක්ෂතම පන්දු යවන්නා සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස තේරීපත් වුහ.
මීගමුව ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 49.2 කදී සියලූ දෙනා දැවී 171
(ඩිනාල් ප‍්‍රමිල් නොදැවී 76, බුද්ධික මධුෂංක 25, චාමර ඩිල්ෂාන් 22, අසිත මධුසංඛ ප‍්‍රනාන්දු 40/4, අශේන් චාරුක 30/2, රොෂේන් ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු 36/2)
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම ඕවර 56.2 කදී සියලූ දෙනා දැවී 183
( ෂෙෂාන් උදාර ප‍්‍රනාන්දු 50, රිෂාන් කාවින්ද 35, නිමේෂ් ධනංජය 26, රුසිත් ගයාන් 22, නිර්මල් රොමිල්ටන් 23/4, නිශාන් පීරිස් 57/3, තරිදු ශ‍්‍රීනාත් 19/2)
මීගමුව ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම ඕවර 48.3 කදී කඩුලූ 9 ට 215
(ඩිනාල් ප‍්‍රමිල් 77, නිශාන් පීරිස් 57, උමේෂ් ලක්ෂාන් 36, රුසිත් ගයාන් 33/4, අශේන් චාරුක 47/2)
කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල දෙවැනි ඉනිම ඕවර 30 කදී කඩුලූ 3 ට 108
(ෂෙෂාන් උදාර නොදැවී 47, සමිත් ඩිල්ෂාන් 22, රිෂාන් කාවින්ද 19, ඩිනාල් ප‍්‍රමිල් 33/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.