ඇෆ්ඝනිස්තානය සමග ජුනි මස ඇරඹෙන විස්සයි 20 තරගාවලියට මොසැඩෙක් හොසේන් කැඳවීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
ඔහු අවසන් වරට විස්සයි 20 තරගයකට සහභාගි වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව 2017 වසරේදීය. හොසේන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමත් සමග වසරකට අධික කාලයක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවුණද, මෙවර ඇෆ්ඝනිස්තානය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත කෙටි සංචාරය සඳහා අවස්ථාව ලබා දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
පසුගියදා අවසන් වූ නිදහස් කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමේ සිටි ඉම්රුල් කයිස්, ටස්කින් අහමඞ් හා නුරුල් හසන් හට මෙවර කණ්ඩායමේ ස්ථානයක් හිමි වී නොමැත.
මෙවර බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය සකිබ් අල් හසන්ට හිමි වී ඇති අතර මහමුදුල්ලා රියාද් උප නායකයා ලෙස කටයුතු කරනු ඇත.
ඇෆ්ඝනිස්තානයට එරෙහි පළමු විස්සයි 20 තරගය ජුනි 3 වැනිදා පැවැත්වෙන අතර අනෙකුත් තරග පිළිවෙලින් ජුනි 5 හා ජුනි 7 පැවැත්වේ.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.