Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හයිද්‍රාබාද් ජයගනී - කොල්කටා විසිවෙයි

හයිද්‍රාබාද් ජයගනී - කොල්කටා විසිවෙයි

editorial - 2020 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අඟහරුවාදා (3 වැනිදා) පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ජයගත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල කඩයිම් වටයට සුදුසුකම් ලබාගත් අවසන් කණ්ඩායම බවට පත්විය. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව හයිද්‍රාබාද් පිල ලැබූ එම ජයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ වැට උඩසිටි කොල්කටා නයිට් රයිඩර්ස් පිල අයි.පී.එල් තරගාවලියේ මූලික වටයෙන් ඉවත්වූ අවසන් කණ්ඩායම බවට පත්විය.

හයිද්‍රාබාද් පිල ප්‍රසාද ලකුණු 14 ක් ලබාගනිමින් ශුද්ධ ලකුණු වේගය (0.608) මත ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වූ අතර ප්‍රසාද ලකුණු 14 ක් ලබාගනිමින් තෙවැනි ස්ථානයේ සිටි බැංගලෝර් පිල ශුද්ධ ලකුණු වේගය (-0.172) මත සිව්වැනි ස්ථානය දක්වා පහත වැටුණි. කොල්කටා පිලත් ප්‍රසාද ලකුණු 14 ක් ලබාසිටියද ශුද්ධ ලකුණු වේගය (-0.214) අනුව ඔවුන්ට හිමිවූයේ 5 වැනි ස්ථානයයි.

ප්‍රසාද ලකුණු 12 බැගින් ලබාගත් කිංග්ස් ඞෂ පංජාබ්, චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල් යන කණ්ඩායම් ශුද්ධ ලකුණු වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් හය, හත සහ අටවැනි ස්ථාන වලට පත්ව සිටිති.

මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රසාද ලකුණු 18 ක් සහ දිල්ලි කැපිටල් පිල ප්‍රසාද ලකුණු 16 ක් ලබාගනිමින් ලකුණු සටහනේ පෙරමුණට පත්වෙමින් මේ මස 5 වැනිදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා පළමු කඩයිම් තරගයට සුදුසුකම් ලබාගත්තේය. ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පත්වූ හයිද්‍රාබාද් සහ බැංගලෝර් කණ්ඩායම් මේ මස 6 වැනිදා පැවැත්වෙන පරාජිතයන් ඉවත් කිරීමේ දෙවැනි කඩයිම් තරගයට සුදුසුකම් ලබාගත්තේය. පළමු කඩයිම් තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායමට තවත් අවස්ථාවක් හිමිකර දෙන අතර ඔවුන් සහ දෙවැනි කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම අතර අවසන් තරගයට සුදුසුකම් ලබාගන්නා තෙවැනි කඩයිම් තරගය මේ මස 8 වැනිදා පැවැත්වේ.

පළමු කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම සහ තෙවැනි කඩයිම් තරගයෙන් ජයගන්නා කණ්ඩායම අතර අවසන් මහා තරගය මේ මස 10 වැනිදා පැවැත්වේ. පළමු කඩයිම් තරගය සහ අවසන් තරගය ඩුබායිහිදී පැවැත්වෙන අතර දෙවැනි සහ තෙවැනි කඩයිම් තරග අබුඩාබිහිදී පැවැත්වේ.

මූලික වටයේ තරග 56 ක් අවසන් වනවිට ලකුණු 670 ක් ලබාගනිමින් ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 55.83 ක් රඳවාගත් කිංග්ස් ඞෂ පංජාබ් පිලේ නායක ලෝකේෂ් රාහුල් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවාට ලබාදෙන තැඹිලි පැවැති හිස්වැස්ම හිමිකරගෙන ඇත.

අඟහරුවාදා පැවැති තරගයේදී නොදැවී ලබාගත් ලකුණු 85 ත් සමගින් තරගාවලිය පුරා ලකුණු 529 ක් රැස්කළ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් දෙවැනි ස්ථානයට පත්වී ඇති අතර ඔහුට වඩා ලකුණු 4 ක් පසු පසින් සිටින දිල්ලි කැපිටල්ස් පිලේ ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් තෙවැනි ස්ථානයේ පසුවන්නේය. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ දෙව්දූත් පඩික්කල් ලකුණු 472 ක් සහ එම කණ්ඩායමේ නායක විරාට් කෝලී ලකුණු 460 ක් ලබාගනිමින් පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථානවල සිටිති.

සිය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට රැගෙන ඒම සඳහා වැඩි මෙහෙයක් සිදු කළ දිල්ලි කැපිටල් පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා කඩුලු 25 ක් ලබාගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නාට ලබාදෙන දම් පැහැති හිස්වැස්මට අත තබාගෙන සිටී.

කඩුලු 23 ක් දවාගෙන ඇති මුම්බායි ඉන්දියන්ස් පිලේ ජස්ප්‍රීට් බුම්රා දෙවැනි ස්ථානය පසුවන අතර රාජස්ථාන් පිලේ ජොෆ්රා ආචර්, බැංගලෝර් පිලේ යුස්වේන්ද්‍ර චාහල් සහ මුම්බායි පිලේ ටේ්‍රන්ට් බෝල්ට් කඩුලු 20 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර පිළිවෙලින් තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගත්හ.


- 2079


අදහස් (0)

හයිද්‍රාබාද් ජයගනී - කොල්කටා විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.