Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සියනෑ නිල්-කොළ සටන අනිද්දා පල්ලෙකැලේදී

සියනෑ නිල්-කොළ සටන අනිද්දා පල්ලෙකැලේදී

Nisanka Sandeepani - 2018 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල සහ හේනෙගම මැදි විදුහල අතර පැවැත්වෙන තෙවැනි ‘සියනෑ නිල්-කොළ සටන’ වාර්ෂික එක්දින මහ ක්‍රිකට් තරගය අනිද්දා (23 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙම මහ ක්‍රිකට් තරගය 2016 වසරේදී ආරම්භ වූ අතර මෙතෙක් පැවති තරග දෙකේදී විදුහල් දෙකම එක් ජයග්‍රහණය බැගින් ලබා මේ වන විට කරට කර තත්ත්වයක පසුවෙයි. 2016 වසරේ පැවැති තරගයේදී මලිඳු මානාබරණගේ නායකත්වය යටතේ වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල ජය ලැබූ අතර 2017 වසරේ පැවැති තරගයේදී හේනෙගම මැදි විදුහල ජය ලැබූවේ කවීෂ පිනිමුතුගේ නායකත්වය යටතේය. 
මෙවර සියනෑ නිල්-කොළ සටනේදී වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මලීෂ කලංසූරියටත්, හේනෙගම මැදි විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිසිකැළුම් ලෝචනටත් හිමිව තිබේ. 

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේදී වත්තල ශාන්ත ජෝෂප් විදුහලට, කිරිඳිවැල මැදි විදුහලට සහ මීගමුව ලොයෙලා විදුහලට පූර්ණ ජයග්‍රහණ ලැබූ බණ්ඩාරනායක මැදි විදුහල, හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ තෝලංගමුව මැදි විදුහල හමුවේ පූර්ණ පරාජයන් ලැබීය. සහභාගි වූ සෙසු තරග වලදී පළමු ඉනිමේ ජයග්‍රහණ 4 ක් අත්කර ගැනීමටද බණ්ඩාරනායක මැදි විදුහල සමත් විය. 

බණ්ඩාරනායක මැදි විදුහලේ වැඩිම ලකුණු ලාභියා ලෙස හිටපු නායක මලිඳු මානාබරණ හැඳින්විය හැකි අතර මෙවර තරග වාරයේදී ශතක 4 ක් සහ අර්ධ ශතක 3 ක් සමග ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 885 කි. වමතින් වේග පන්දුයැවීමේ හැකියාව ඇති මලිඳු, කඩුලු 23 කටද හිමිකම් කියයි. වත්මන් නායක මලීෂ කලංසූරියද ශතක 2 ක් සමග ලකුණු 640 ක් රැස්කරමින් සහ කඩුලු 32 ක් දවාගනිමින් බණ්ඩාරනායක මැදි විදුහල වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්ව සිටියි. 

වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ෂෂෂ කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින හේනෙගම මැදි විදුහල මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග 11 න් 9 කදීම පූර්ණ ජයග්‍රහණ අත්කර ගෙන තිබේ. ඔවුන් සහභාගි වූ සෙසු තරග දෙකෙන් එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇති අතර එක් තරගයකදී පළමු ඉනිමේ පරාජයක් ලබා ඇත. 

මෙවර තරග වාරයේදී උප නායක සසංක දුලාජ් ලකුණු 536 ක්ද, ප්‍රමිත් දර්ශන ලකුණු 526 ක්ද, නායක සිසිකැළුම් ලෝචන ලකුණු 506 ක්ද බැගින් ලබා හේනෙගම මැදි විදුහල් කණ්ඩායමේ පිතිකරු බළෑණිය ශක්තිමත් කරති. සමිත් හර්ෂිත සහ ඉෂාද් ළහිරු කඩුලු 62 ක බැගින් දවාගනිමින් හේනෙගම මැදි විදුහල් කණ්ඩායමේ පන්දු යවන්නන් අතර පෙරමුණේ රැදී සිටිති. 

වේයන්ගොඩ බණ්ඩාරනායක මැදි විදුහල

ඉදිරි පෙළ (වමේ සිට) - එච්.ඩබ්. ගුණවර්ධන මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), විමුක්ති චිරන්තක, නිපුන් සන්තුෂ්, දිලුරුක්ෂ විජේසේකර මහතා (ප්‍රධාන පුහුණුකරු), තිලකරත්න බණ්ඩාර මහතා (නියෝජ්‍ය විදුහල්පති), එස්.එල්.ඒ.බී. සිරිමාන්න මහතා (විදුහල්පති), කේ.පී.එස්. විජේසේකර මහතා (සහකාර පුහුණුකරු), මලීෂ කලංසූරිය (නායක), මලිඳු මානාබරණ සහ සුමේද හග්ගල (ක්‍රීඩා භාර ආචාර්ය) 

පසු පෙළ (වමේ සිට) - ප්‍රෂාන් අතාවුද, මොවිඳු ජයසිංහ, අංජන තරංග, කවීෂ්ක මදුමාල්, චතුෂ්ක කළුනායක, කලිඳු කෞදිෂ, සාලින්ද හපුආරච්චි, හරිත මදුරංග, සජිත් මධුෂංක, චමත් කල්හාර, නදුල නිම්සර සහ ධනුජ මුණසිංහ

හේනෙගම මැදි විදුහල 

ඉදිරි පෙළ (වමේ සිට) - ටී.ඒ. ධනුෂ්ක චතුරංග මහතා (සහාය පුහුණුකරු), සසංක දුලාෂ් (උප නායක), එම්.ඒ.ඩී.සී. මුණසිංහ මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), විජය සත්‍යජිත් කුලරත්න මහතා (විදුහල්පති), සිසිකැළුම් ලෝචන (නායක), දමිත් චාමල්, සාලින්ද දේශප්‍රිය මහතා (ප්‍රධාන පුහුණුකරු) 

පසු පෙළ (වමේ සිට) - විමුක්ති ලක්ෂාන්, ප්‍රභාත් බණ්ඩාර, ජනිත් මධුහංස, ඉෂාන් හර්ෂණ, ප්‍රමිත් දර්ශන, සමිත් විජේනායක, මනුජිත් දේෂාන්, හර්ෂ මධුෂාන්, ඉසුරු ධනංජය, තරිඳු සඳරුවන් සහ ළහිරු පෙරේරා 

 

 

 


අදහස් (0)

සියනෑ නිල්-කොළ සටන අනිද්දා පල්ලෙකැලේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.