අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවේ ප‍්‍රධාන වෙනස්කම් කිහිපයක් පිළිබඳ සකස් කරන ලද කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය සෙනසුරාදා සිංගප්පූරුවේදී පැවැති ඡන්ද විමසීමේදී ඒ සඳහා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට ශී‍්‍ර ලංකා නියෝජිතයන් ගත් කි‍්‍රයාමාර්ගය සාධාරණ බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේ ඒකමතික අදහස වී තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මාධ්‍ය ඒකකයෙන් අද (10 වැනිදා) සවස් වරුවේදී නිකුත් කරන ලද නිවේදනයකින් එසේ කියැවේ.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාවේ ප‍්‍රධාන වෙනස්කම් සම්බන්ධයෙන් සකස් කරන ලද කෙටුම්පතට විරුද්ධත්වය ප‍්‍රකාශ කළ යුතු යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකයන්ගේ මතය වුවත් සිංගප්පූරුවේ පැවැති අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රැස්වීමට ගිය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නියෝජිතයෝ එම කෙටුම්පතට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටියහ.
එබැවින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නියෝජිතයන් තිදෙනාගේ කි‍්‍රයාමාර්ගය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවට දන්වා සිටීම සඳහා අද සවස විශේෂ විධායක කමිටු රැස්වීමක් පැවැත්විණ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙම රැස්වීමට සහභාගි නොවූ අතර ලේකම් නිශාන්ත රණතුංග, භාණ්ඩාගාරික නුස්කි මොහොමඞ් සහ උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා යන මහත්වරු සිංගප්පූරුවේදී පැවැති රැස්වීමට සහභාගි වීම සඳහා පිටත්ව ගියහ.
කෙසේ වෙතත් ඡන්දය විමසන අවස්ථාවේදී රැස්වීමට සහභාගි වූයේ ඔවුන් තිදෙනාගෙන් අයකු පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.