Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ සි.ඩි.බී. සහ යුනිලිවර් ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (03) පැවැති තරගයේදී කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට සි.ඩි.බී. කණ්ඩායම සමත්විය. මෙම තරගය එම්.සි.ඒ. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
තවත් තරග 2 ක් අද පැවැති අතර ඉන් ජය ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ සහ කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ කණ්ඩායම් සමත්වූහ.
පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට ජෝන් කීල්ස් ‘බී’ පිල සමත්වූ අතර බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී හැටන් නැෂනල් බැංකු පිල කඩුලු 5 කින් පරාජය කිරීමට කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ පිල සමත්විය.
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලේ සඳකැන් පතිරණ, ජෝන් කීල්ස් ‘බී’ පිලේ මාලිංග අමරසිංහ සහ රොස්කෝ තටිල්, කැන්රිච් ෆිනෑන්ස් පිලේ රවීන් සේයර් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර කැන්රිච් ෆිනෑන්ස් පිලේ චන්දුල වීරරත්න කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
යුනිලිවර් ශ්‍රී ලංකා - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 159
(සචිඳු කොළඹගේ 43, සචින් ප්‍රනාන්දු 25, සවින් ගුණසේකර 24/3, චන්දිම බණ්ඩාර 30/2, ඉම්රාන් ඛාන් 32/2)
සි.ඩි.බී.- ඕවර 49.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 160
(දිනුෂ්ක මාලන් 34, චතුරංග දික්කුඹුර 30, සවින් ගුණසේකර 29, ශාලුක සිල්වා නොදැවී 28, ගිහාන් ද සොයිසා 17/3, ගයාන් රූපසිංහ 19/3)
ජෝන් කීල්ස් ‘බී’ පිලට කඩුලු 4 ක ජයක්
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 194
(සඳකැන් පතිරණ 69, සනිත ද සිල්වා 36, සම්මික පෙරේරා 20, තරිඳු රත්නායක 50/3, සසිඳු පෙරේරා 22/2, ශශ්‍රීක පුස්සේගොල්ල 37/2)
ජෝන් කීල්ස් ‘බී’ - ඕවර 41 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 197
(මාලිංග අමරසිංහ නොදැවී 63, රොස්කෝ තටිල් 51, ශශ්‍රීක පුස්සේගොල්ල 26, සඳකැන් පතිරණ 29/4)
කැන්රිච් ෆිනෑන්ස් ‘බී’ පිලට කඩුලු 5 ක ජයක්
හැටන් නැෂනල් බැංකුව - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී ලකුණු 150
(මාධව වර්ණපුර 43, අශේන් ප්‍රනාන්දු 28, දේශාන් ඩයස් 23, චන්දුල වීරරත්න 33/5, තරුෂාන් ඉද්දමල්ගොඩ 24/2)
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 37.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 151
(රවීන් සේයර් නොදැවී 63, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 29, නවීන් ගුණවර්ධන 24/2, මාධව වර්ණපුර 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.