මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 60 වැනි ‘සුරතලුන්ගේ සටන’ ජය පරාජයෙන් තොරව අද (22 වැනිදා) අවසන් විය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහලට වඩා ලකුණු 71 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ විද්‍යාර්ථ විදුහල තරගය නිමාවන විට කඩුලු 7 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියේය. විද්‍යාර්ථ පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් පුලින ගුණතිලක දෙවැනි ඉනිමේදීද ලකුණු 42 ක් රැස්කළ අතර නිම්සර අතරගල්ල ලකුණු 52 කට කඩුලු 3 ක් දවාගනිමින් සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කඩුලු 6 ක් දැවී ලකුණු 300 ක් ලබාගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටවූ ශාන්ත සිල්වෙස්ටර් විදුහල, දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා විද්‍යාර්ථ විදුහලට ආරාධනා කර සිටියේය. එහිදී දක්ෂ පිතිහරඹක නිතර වූ මනෝහරන් පවිත්‍රන් (101) සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගත් අතර පසන් හෙට්ටිආරච්චි (88) සහ කෙවින් සත්සර (67) අර්ධ ශතක ලබාගනිමින් සිල්වෙස්ටර් ඉනිම ගොඩනැගීම සඳහා පවිත්‍රන්ට අනගි සහායක් දුන්හ.
කාසියේ වාසිය දිනූ ශාන්ත සිල්වෙස්ටර් නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් පුලින ගුණතිලක (නොදැවී 102) ශතකයක් ලබාගත්තද විද්‍යාර්ථයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 229 ක් පමණි.
විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 74 කදී සියලු දෙනා දැවී 229
(පුලින ගුණතිලක නොදැවී 102, කසුන් කරුණාතිලක 28, ගිහාන් ජයසේකර 28, නදීර බාලසූරිය 27/3, හසිඳු නිස්සංක 47/3, නිම්සර අතරගල්ල 62/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 84.5 කදී කඩුලු 6 ක් දැවී 300
(මනෝහරන් පවිත්‍රන් 101, පසන් හෙට්ටිආරච්චි 88, කෙවින් සත්සර 67, කසුන් කරුණාතිලක 62/3)
විද්‍යාර්ථ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 29 කදී කඩුලු 7 ක් දැවී 111
(පුලින ගුණතිලක 42, රවිෂ්ක උපනන්නද 36, නිම්සර අතරගල්ල 53/3, නදීර බාලසූරිය 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.