Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සුමංගල විදුහලට ලකුණු 90 ක පහසු ජයක්

සුමංගල විදුහලට ලකුණු 90 ක පහසු ජයක්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහ විදුහල අතර පැවැත්වෙන ‘රන් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව අද (18 වැනිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 26 වැනි සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් ලකුණු 90 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

දක්ෂ පිතිහරඹයක නිරත වූ නිපුන ධනංජයගේ (100) ශතකය හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් සුමංගල විදුහල ඕවර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබාගත්තේය. සුමංගල ඉනිම ගොඩනැගීම සඳහා ධනංජයට සහය දුන් පූර්ණ ප්‍රභාත් ලකුණු 23 ක්ද, පසිඳු ශනදිත් ලකුණු 22 ක්ද රැස්කළහ.

මොරටු මහ විදුහලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ෂෙහාන් ජීවන්ත ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත් අතර නදිත් මිෂේන්ද්‍ර කඩුලු 2 ක් දවාගතතේ ප්‍රතිවාදීන්ට ලකුණු 42 ක් පිරිනමමිනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 225 ඉලක්කයක් හඹාගිය මොරටු මහ විදුහල ඕවර 36.3 ක් අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට සුමංගල විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. මොරටු විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලභියා බවට පත් වූ විෂ්ව දේෂාන් ලකුණු 45 ක් ලබාගත් අතර නදිත් මිෂේන්ද්‍ර ලකුණු 32 ක් ලබා තරගය නිමා වන තෙක්ම නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.

එහිදී අනුක ජයසිංහ ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර මොරටු මහ විදුහල් ඉනිම අඩ පණ කිරීම සඳහා අනුකට අනගි සහයක් දුන් ශලන ඉෂාර ලකුණු 32 කට කඩුලු 2 ක් බිඳහෙළීය.


ශ්‍රී සුමංගල විදුහල - ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 224
(නිපුන ධනංජය 100, පූර්ණ ප්‍රභාත් 23, පසිඳු ශනදිත් 22, ෂෙහාන් ජීවන්ත 39/3, නදිත් මිෂේන්ද්‍ර 42/2)

මොරටු මහ විදුහල - ඕවර 36.3 කදී සියලු දෙනා දැවී 134
(විෂ්ව දේෂාන් 45, නදිත් මිෂේන්ද්‍ර නොදැවී 32, අනුක ජයසිංහ 32/3, ශලන ඉෂාර 32/2)

 


අදහස් (0)

සුමංගල විදුහලට ලකුණු 90 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.