ගාල්ල මහින්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඩි විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති සීමිත ඕවර තරගයෙන් කඩුලු 6 ක් ජයක් වාර්තා කිරීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 190 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ ඕවර 39 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී නොදැවී ලකුණු 40 ක් රැස්කළ දිලුම් සුධීර රිච්මන්ඞ් විදුහලේ ජයග්‍රහණය තහවුරු කළ අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 64 ක්ද, ධනංජය ලක්ෂාන් ලකුණු 43 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ.
කාසියේ වාසිය දිනූ රිච්මන්ඞ් කණ්ඩායමේ නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මහින්ද විදුහලට ඕවර 49.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 189 ක් පමණි. මහින්ද ඉනිමේ එකම අර්ධ ශතක ලාභියා බවට පත් වූ හංසික වැලිහිඳ ලකුණු 51 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මෙන්ඩිස් ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගත් අතර මහින්ද ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා සඳුන්ට අනගි සහායක් දුන් අවිඳු තීක්ෂණ ලකුණු 22 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
මහින්ද විදුහල - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 189
(හංසික වැලිහිඳ 51, කවිඳු එදිරිවීර 28, නවෝද් පරණවිතාන 20, සඳුන් මෙන්ඩිස් 37/5, අවිඳු තීක්ෂණ 22/2)
රිච්මන්ඞ් විදුහල - ඕවර 39 කදී කඩුලු 4 ක් දැවී 190
(කමිඳු මෙන්ඩිස් 64, ධනංජය ලක්ෂාන් 43, දිලුම් සුධීර නොදැවී 40, තවීෂ අභිෂේක් 24, සුබානු රාජලක්ෂ 45/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.