Last Update  :  2025-08-15 13:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ ලකුණු 354 ක් ඉදිරියෙන්

සිම්බාබ්වේ ලකුණු 354 ක් ඉදිරියෙන්

editorial - 2020 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකම තරගයේදී පිට පිටම දෙවැනි අර්ධ ශතකයක් ලබාගත් බ්‍රෙන්ඩන් ටේලර්ගේ පිතිහරඹය නිසා හරාරේ නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 354 කින් ඉදිරියට පැමිණීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ සිව්වැනි දිනය වූ අද (30 වැනිදා) පස්වරුවේ කඩින් කඩ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාව නතර කරන විට සිම්බාබ්වේ පිල කඩුලු 7 ක් දැවී ලකුණු 241 ක් ලබා සිටියේය.

සිවුවැනි දිනය අවසානයේ නායක ෂොන් විලියම්ස් හතරේ පහර 6 ක් සමග ලකුණු 47 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි පිතිකරුවා වූ ඩොනල්ඞ් ටිරිපානෝ ලබා සිටියේ එක් ලකුණක් පමණි. මුල් ඉනිමේදී සත්කාරකයනට ලකුණු 113 ක වාසියක් තිබුණු අතර තරගයේ සම්පූර්ණ දිනයක් ඉතිරි වී තිබේ.

තුන්වැනි දිනයේ නොදැවී සිටි පිතිකරු රෙගීස් චකබ්වාට අද එකතුකරගත හැකිවූයේ ලකුණක් පමණි. පසුව පැමිණි බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු රැස්කිරීමේ වගකීම කරට ගත්තේ ආරම්භක පිතිකරුවා සමගින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47 ක් එකතු කරමිනි.

තුවාල ලත් කෙවින් කසූසා වෙනුවට කණ්ඩායමට එක්වූ ටිමිසින් මරුමාගෙන් සිමබාබ්වේ පිලට කිසිම ප්‍රයෝජනයක් අත් නොවිණ. අඩ හෝරා අඩක් පමණ පිටියේ රැඳෙමින් පන්දු 14 කට මුහුණ දුන් මරුමා, වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය හමුවේ ස්ටම්ප් කිරීමකට ගොදුරු විය.

කෙසේ වෙතත් පිතිකරුවකු වශයෙන් තමන්ගේ වගකීම අකුරටම ඉටුකළ බ්‍රෙන්ඩන් ටේලර්, ටෙස්ට් ලකුණු 2000 කඩයිම පසුකර ගියේ පන්දු 75 කින් ලකුණු 67 ක් ලබාගනිමිනි. මුල් ඉනිමේදී පන්දු 62 කින් ලකුණු 62 ක් ලබාගත් දකුණත් පිතිකරුවා දෙවැනි ඉනිමේදී හතරේ පහර 8 කින් සහ හයේ පහරකින් සිය නරඹන්නන් ප්‍රීතිමත් කළේය.

හෙට (31 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

..


අදහස් (0)

සිම්බාබ්වේ ලකුණු 354 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.