Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජොෆ්රා ආචර්ගේ සේවය අහිමි වූ එංගලන්ත පිලට නායක ජෝ රූට්ගෙන් ලැබුණේ ලකුණු 23 ක් පමණි. එහෙත් බෙන් ස්ටෝක්ස් සටන අතහැරීමට සූදානම් නැත. ඩොමිනික් සිබ්ලි සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්ටෝක්ස්, එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී අද (16 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට ලකුණු 207 ක් දක්වා තම පිල කැඳවාගෙන ගියේය. ඒ වන විට බිඳවැටී තිබුණේ කඩුලු 3 ක් පමණි.
මුලු ලකුණු සංඛ්‍යාව 81 ක් ව තිබියදී ජෝ රූට් දැවී ගිය අතර තේ පානය සඳහා නතර කරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියේය. එහෙත් තේ පානයත් දිනයේ අවසානයත් අතර ලකුණු 95 ක් එකතු කළ ස්ටෝක්ස් සහ සිබ්ලි දෙදෙනා කොදෙව් පිලට වෙත ඇදෙමින් තිබූ තරගයේ වාසිය නැවත වරක් එංගලන්තය වෙත ඇදගත්තේය.
දිවා ආහරයෙන් අනතුරුව කොදෙව් නායක ජේසන් හෝල්ඩර් අතට උඩ පන්දුවක් දෙමින් සැක් ක්‍රෝලි දැවී ගියේ මුහුණ දුන් පළමු පන්දුවේදීමය. ඉන් පසුව සිබ්ලි සමග එක්වූ නායක ජෝ රූට් (23) එංගලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් තේ පානයට පෙර ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. කෙසේ වෙතත් තේ පානයෙන් පසුව සිය කඩුලු ආරක්‍ෂා කරගත් සිබ්ලි සහ ස්ටෝක්ස් දෙදෙනා වසර 8 කින් මෙපිට එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරගයකදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ දීර්ඝතම (පන්දු 309) සම්බන්ධතාව බිහිකළහ.
තරගය නතර කරන විට සිබ්ලි ලකුණු 86 ක් ලබා නොදැවී සිටි අතර ඔහුගේ පන්දු 253 ඉනිම හතරේ පහර 4 කින් හැඩවී තිබිණ. කොරෝනා වයිරසයේ බලපෑමෙන් පසුව ටෙස්ට් තරගයකදී පළමු හයේ පහර ගැසීමේ ගෞරය දිනාගත් බෙන් ස්ටෝක්ස් පන්දු 159 කට මුහුණ දෙමින් ඒවායින් තවත් 4 ක් හතරේ සීමාවට යැව්වේය.
ඩොමිනික් සිබ්ලි ලකුණු 44 ක් ලබා සිටියදී වාසනාව පෑදුණේය. රොස්ටන් චේස්ගේ පන්දුවක් හමුවේ සිබ්ලි දුන් අසීරු උඩපන්දුවක් ෂෝට් ලෙග්හි සිටි ෂමාරා බෲක්ස්ට රැකගැනීමට නොහැකි විය. එයින් ප්‍රයෝජන ගත් දකුණත් පිතිකරුවා කිසිදු අපහසුවකින් තොරවම තමන්ගේ අර්ධ ශතකය පසුකර ගියේය.
අල්සාරි ජෝෂප්ගේ පන්දුවක් හමුවේ ජේසන් හෝල්ඩර් අතට උඩ පන්දුවක් දෙමින් රූට් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර දැවී යන විට රූට්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ.
නිරෝධායන නීති කඩකිරීම හේතුවෙන් අවසන් මොහොතේදී ජොෆ්රා ආචර් කණ්ඩායමෙන් ඉවත් කිරීමට එංගලන්තයට සිදුවිය. එය තරගාවලිය සමකර ගැනීම සඳහා එංගලන්තයට තිබූ අගනා අවස්ථාවක් අවදානමේ හෙළීමකි. කොරෝන වයිරස් නීතිරීති කඩ කළ බව ජොෆ්රා ආචර් පිළිගත්තේය.
කොදෙව් නායක ජේසන් හෝල්ඩර් කාසියේ වාසිය දිනාගත්තේ වළාකුළින් බර අහසක් තිබියදී බැවින් කිසිදු පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්තේය. මැන්චෙස්ටර් යනු වර්ෂාවට නම්දැරූ ක්‍රීඩාංගණයක් වන අතර වර්ෂාව හේතුවෙන් තරග ආරම්භයට බාධා එල්ල විය.
නියමිත වේලාවෙන් පැය දෙකකට පමණ පසුව කාසියේ වාසිය උරගා බැලීමට විනිසුරුවෝ තීරණය කළහ. අනතුරුව එංගලන්ත වේලාවෙන් පස්වරු 12.30 ට තරගය ආරම්භ විය. ඒ අනුව පළමු දිනයේ දිවා ආහාරය දක්වා කොදෙව් පන්දු යවන්නන්ට යැවිය හැකි වූයේ ඕවර 13.2 ක් පමණි.
එංගලන්ත පළමු ඉනිම - කඩුලු 3 දැවී 207
(රෝරි බර්න්ස් 15, ඩොමිනික් සිබ්ලි නොදැවී 86, ජෝ රූට් 23, බෙන් ස්ටෝක්ස් නොදැවී 59, රොස්ටන් චේස් 53/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.