Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැරසන්ස්-මේරියන්ස්-එන්.සී.සී-එස්.එස්.සී අවසන් පූර්ව වටයට

සැරසන්ස්-මේරියන්ස්-එන්.සී.සී-එස්.එස්.සී අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (21 වැනිදා) පැවැති අතර එහිදි සැරසන්ස්, හලාවත මේරියන්ස්, එන්.සී.සී සහ එස්.එස්.සී යන කණ්ඩායම් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

මේ අනුව ද්‍රවිඩ සංගමය, බී.ආර්.සී, කෝල්ට්ස් සහ රාගම යන කණ්ඩායම් වලට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූහ.

ද්‍රවිඩ සංගමයට එරෙහිව සැරසන්ස් කණ්ඩායමේ චතුර රංදුණු කඩුලු 6 ක් දවා ගත් අතර කෝල්ට් කණ්ඩායමට එරෙහිව එන්.සී.සී කණ්ඩායමේ දුෂ්මන්ත චමීර කඩුලු 5 ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

සැරසන්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීත් හලාවත මේරියන්ස් සහ එස්.එස්.සී කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදීත් මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

අවසන් පූර්ව වටයේදී ජය ගන්නා කණ්ඩායම් අතර අවසන් මහ තරගය මේ මස 25 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ද්‍රවිඩ සංගමය සහ සැරසන්ස් කණ්ඩායම් අතර කටුනායකදී

සැරසන්ස්ට කඩුලු 4 ක ජයක්

ද්‍රවිඩ සංගමය - ඕවර 40.3 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(රමිත රඹුක්වැල්ල 20, තරංග පරණවිතාන 47, චතුර රංදුණු 30/6, ඇන්ඩි සොලමන්ස් 12/3)
සැරසන්ස් - ඕවර 29.3 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 114
(තනුක දාබරේ 26, බිනුර ප්‍රනාන්දු 19/3)

 

හලාවත් මේරියන්ස් සහ බී.ආර්.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී

මේරියන්ස්ට ලකුණු 30 ක ජයක්

මේරියන්ස් - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 256
(කසුන් විදුර 29, ශෙහාන් ජයසූරිය 84, රෝහිත් දමෝදරන් 32, රුක්ෂාන් ප්‍රනාන්දු 21, ඉසුරු උදාන 29, රුමේෂ් බුද්ධික 46/2, චාමිකර එදිරිසිංහ 46/2, විකුම් සංජය 52/2)
බී.ආර්.සී - ඕවර 46.2 කදී සියලුදෙනා දැවී ලකුණු 226
(දේශාන් ඩයස් 60, තිලකරත්න සම්පත් 25, රුමේෂ් බුද්ධික 37, විකුම් සංජය නොදැවී 55, දිල්ශාන් ගුණවර්ධන 35/3, අසිත ප්‍රනාන්දු 39/2, ඉසුරු උදාන 43/2)

 

කෝල්ට්ස් සහ එන්.සී.සී කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී

එන්.සී.සී පිලට කඩුලු 5 ක ජයක්

කෝල්ට්ස් - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 218
(සහන් ආරච්චිගේ 31, නිසල තාරක 83, නුවන් කුලසේකර 22, දුෂ්මන්ත චමීර 51/5, ෆර්වීස් මහරූෆ් 16/2)
එන්.සී.සී - ඕවර 36.4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 220
(උපුල් තරංග 72, ඇන්ජලෝ පෙරේරා නොදැවී 74, ෆර්වීස් මහරූෆ් නොදැවී 30, අකිල ධනංජය 34/2)

 

රාගම සහ එස්.එස්.සී කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී

එස්.එස්.සී පිලට කඩුලු 8 ක ජයක්

රාගම - ඕවර 48 කදී සියලුදෙනා දැවී ලකුණු 206
(ළහිරු මිලන්ත 48, රොෂේන් සිල්වා 37, සමින්ද ප්‍රනාන්දු 20, සමීර ද සොයිසා 39, සචිත්‍ර සේනානායක 25/4)
එස්.එස්.සී - ඕවර 36.5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 207
(ධනුෂ්ක ගුණතිලක 53, කොෟෂාල් සිල්වා 20, දිමුත් කරුණාරත්න නොදැවී 70, දසුන් ශානක නොදැවී 54, ළහිරු මිලන්ත 43/2)

 


අදහස් (0)

සැරසන්ස්-මේරියන්ස්-එන්.සී.සී-එස්.එස්.සී අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.