කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 41 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 4 ක ජයක් ලැබීමට සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ අද (19 වැනිදා) සමත්වූහ.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් රාජකීය විදුහලට ඕවර 48.2 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 210 ක් පමණී. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චයිනමන් පන්දු යවන්නකුවන රවිඳු තිලකරත්න ලකුණු 36 කට කඩුලූ 5 ක් සහ දිනෙත් කන්නන්ගර ලකුණු 34 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. ගේෂාන් පණ්ඩිතරත්න පන්දු 81 කදී හතරේ පහර 4 න් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත්විය.
පස්වන කඩුල්ල සදහා පන්දු 69 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ගේෂාන් පණ්ඩිතරත්න (59) සහ මලිත් කාරියවසම් (30) සමත්වූහ.
ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය සා. තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ඕවර 45.5 කදී කඩුලූ 6 ක් දැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. දක්ෂ පිතිහරඹයක නිරතවූ සිතාර හපුහින්න පන්දු 52 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 65 ක් ලබාගත්තේය.
පස්වන කඩුල්ල සදහා පන්දු 58 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සිතාර හපුහින්න (නොදැවී 65) සහ සචිත‍්‍ර ජයතිලක (34) සමත්වූහ.
පාසල් දෙකක් අතර එක්දින ක‍්‍රිකට් තරගයක් දිවා රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වූ ප‍්‍රථම වතාව ලෙස මෙය ඉතිහාසගත වෙනු ඇත. අද ජයග‍්‍රහණය කළ තරගයත් සමග තරග 20 ක් ජයගැනීමට සාන්ත තෝමස් විදුහල සමත්වූ අතර තරග 19 ක් ජයගැනීමට රාජකීය විදුහල සමත්වී ඇත.
1994 දී වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගය පවත්වා නොමැති අතර 2002 දී පැවැති තරගය ලකුණු සම වීමෙන් අවසන්වී ඇත. 2012 දී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන්විය.
රාජකීය විදුහල - ඕවර 48.2 කදී සියලූදෙනා දැවී ලකුණු 210
(ගේෂාන් පණ්ඩිතරත්න 59, රොනුක ජයවර්ධන 39, හේලිත විතානගේ 31, මලිත් කාරියවසම් 30, රවිදු තිලකරත්න 36/5, දිනෙත් කන්නන්ගර 34/4)
සාන්ත තෝමස් විදුහල - ඕවර 45.5 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 216
(සිතාර හපුහින්න නොදැවී 65, සචිත‍්‍ර ජයතිලක 34, රවිදු කොඩිතුවක්කු 26, දිලේන්ද්‍ර ගුණතිලක 21, යොහාන් මෙන්ඩිස් 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.