Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්

සා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගයකදී තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයකින් සැහීමකට පත්වන්නට සාන්ත තෝමස් විද්‍යාලයට සිදුවිය. මෙම තරගය තර්ස්ටන් විද්‍යාලීය ක‍්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) අවසන් විය.

පළමු ඉනිමේදී අසාර්ථකවු තර්ස්ටන් පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී තෝමසුවන්ට තර්ජනයක් වෙමින් ලකුණු 306 ක් කරා තම කණ්ඩායම රැගෙන ගියහ. මින්හාජ් ජලීල් පිට පිට දෙවන අර්ධ ශතකය ලබා ගන්නා විට රවීශ ලොකුගේ සහ සජිත් ගුණතිලකද අර්ධ ශතක ලබා ගනිමින් තම කණ්ඩායම ශක්තිමත් කළහ.

තර්ස්ටන් පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 68 කට ක‍්‍රීඩාගාරයට යැවීමට රවිඳු තිලකරත්න සමත්වු අතර පළමු ඉනිමේදී කඩුලූ 5 ක් සහ දෙවන ඉනිමට කඩුලූ 3 ක්ද ලබා ගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීමට මදුශාන් රවිචන්ද්‍රකුමාර් සමත්විය.

ලකුණු 106 ක ඉලක්කයක් හඹා ගිය සා. තෝමස් පිතිකරුවන්ට දිනය අවසාන වනවිට ලබා ගතහැකි වුයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 28 ක් පමණි.

සා. තෝමස් විදුහල පළමු ඉනිම  ඕවර 61 කදී කඩුලූ 5 ක් දැවී 374
(තිලක්ෂ සුමනසිරි 146, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 94, දුලාංජන සිල්වා 64, ධනුෂ් පිරීස් 27, කවිදු කුළසේකර 44/2)

තර්ස්ටන් විදුහල පළමු ඉනිම  ඕවර 48 කදී සියලූ දෙනා දැවී 173
(මින්හාජ් ජලීල් 63, චරන නානායක්කාර 27, අවිශ්ක පීරීස් 22, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 30/5, සහන් විජේසිංහ 38/3)

තර්ස්ටන් විදුහල දෙවන ඉනිම  ඕවර 77.5 කදී සියලූ දෙනා දැවී 306
(රවීශ ලොකුගේ 68, සජිත් ගුණතිලක 66, මින්හාජ් ජලීල් 50, කවිදු කුළසේකර 40, රවිඳු තිලකරත්න 68/6, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 113/3)

සා. තෝමස් විදුහල දෙවන ඉනිම  ඕවර 5 කදී කඩුලූ 2 ක් දැවී 28
(රවීශ ලොකුගේ 11/2)

 


අදහස් (0)

සා. තෝමස්ට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.