අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බණ්ඩාරවෙල මැදි විදුහල සහ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල අතර සාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී සාන්ත තෝමස් විදුහලේ මෙත්වින් රාජපක්ෂ ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බණ්ඩාරවෙල මැදි විදුහල - ඕවර 43.5 කදී සියලු දෙනා දැවී 162
(චතුම් ලක්ප්‍රිය 31, පමුදු සචින්ත 52, යසිත හේෂාන් 21, මෙත්වින් රාජපක්ෂ 38/4, මොහොමඩ් මෆාස් 23/2)
සාන්ත තෝමස් විදුහල - ඕවර 29.3 කදී කඩුලු 6 ක් දැවී 163
(සවිත් බස්නායක 65, දිනුක පැලැන්දෙගෙදර 30, මොහොමඩ් මෆාස් 34, අවිෂ්ක හංසන 31/2, පමුදිත සචින්ත 11/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.