Last Update  :  2025-08-14 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්මිත් - ෆින්ච් ඕස්ට්‍රේලියාව දිනවති

ස්මිත් - ෆින්ච් ඕස්ට්‍රේලියාව දිනවති

editorial - 2020 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්ටීවන් ස්මිත්ගේ (105) සහ ඒරන් ෆින්ච්ගේ (114) ශතක හමුවේ සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිඩ්නිහිදී අද (27 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 66 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 50 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 374 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන්වූ ඩේවිඩ් වෝනර් සහ ඒරන් ෆින්ච් එකතුව පළමු කඩුල්ල සඳහා පන්දු 167 කදී ලකුණු 156 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඕස්ට්‍රේලියාවට සාර්ථක ආරම්භයක් ලබාදුන්නේය. එහිදී ඩේවිඩ් වෝනර් පන්දු 76 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 69 ක් ලබාගත් අතර නායක ෆින්ච් පන්දු 124 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 114 ක් ලබාගත්තේය.

ඩේවිඩ් වෝනර්ගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි ස්ටීවන් ස්මිත් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 66 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 105 ක් ලබාගැනීමට සමත්විය. දෙවැනි කඩුල්ල සඳහා ඒරන් ෆින්ච් සමගින් එක්ව පන්දු 73 කදී ලකුණු 108 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට ස්මිත් සමත්විය.

අංක 5 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ග්ලෙන් මැක්ස්වෙල්ද ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 19 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

සියළුම ඉන්දීය පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයට ලක්වන විට සිය ඕවර 10 ලකුණු 59 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් මොහොමඞ් ශාමී එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 375 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාවට ඕවර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 308 ක් පමණි.

වේගවත් පිතිහරඹයක නිරතවූ හර්දික් පාණ්ඩ්‍යා පන්දු 76 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 9 ක් ලබාගත් අතර ශිකාර් ධාවන් පන්දු 86 කදී හතරේ පහර 1 ක් සමගින් ලකුණු 74 ක් ලබාගත්තේය.

ශිකාර් ධාවන් සහ හර්දික් පාණ්ඩ්‍යා එක්ව 5 වැනි කඩුල්ල සඳහා පන්දු 126 කදී ලකුණු 126 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූ අතර සෙසු පිතිකරුවන්ට සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

ඇඩම් සම්පා ලකුණු 54 කට කඩුලු 4 ක් සහ ජොෂ් හේසල්වුඩ් ලකුණු 55 කට කඩුලු 3 ක් දවාගනිමින් ඉන්දීය පිතිකරුවෝ මෙල්ල කළහ.


ඕස්ට්‍රේලියාව - ඕවර 5 කදී කඩුලු 6 ක් දැවී 374
(ඩේවිඩ් වෝනර් 69, ඒරන් ෆින්ච් 114, ස්ටීවන් ස්මිත් 105, ග්ලෙන් මැක්ස්වෙල් 45, මොහොමඩ් ශාමී 59/3)

ඉන්දියාව - ඕවර 5 කදී කඩුලු 8 ක් දැවී 308
(මයන්ක් අගර්වාල් 22, ශිකාර් ධාවන් 74, විරාට් කෝලි 21, හර්දික් පාණ්ඩ්‍යා 90, රවින්ද්‍ර ජදේජා 25, නව්දීප් සයිනි නොදැවී 29, ඇඩම් සම්පා 54/4, ජොෂ් හේසල්වුඩ් 55/3)

- 2079


අදහස් (0)

ස්මිත් - ෆින්ච් ඕස්ට්‍රේලියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.