වම් කළවේ ආබාධයකට ලක්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ගේ හැඩැස පිරවීම සඳහා පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට තවමත් 19 වැනි වියේ පසුවන සෑම් කරන් කඳවීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයට අද (1 වැනිදා) ලීඞ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
පෙරේදා (30 වැනිදා) පැවැති පුහුණු සැසියක් අතරතුර පන්දු රකිමින් සිටියදී ස්ටෝක්ස් කළවේ ආබාධයකට ලක්ව ඇති අතර ඉන් අනතුරුව මේ දක්වා ඔහු පුහුණු දැළ තුළ පන්දු යැවීමේ නිරත වී නැත. දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ස්ටෝක්ස්ගේ ආබාධ තත්ත්වය යම් තරමකට හෝ සුව අතට හැරුණෝතින් ඔහු පිතිකරුවකු ලෙස පමණක් කණ්ඩායමට ඇතුළත් වීමට ඉඩ ඇතැයිද එංගලන්ත කණ්ඩායම් කළමනාකාරීත්වය පවසයි.
වමතින් වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන සෑම් කරන් මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලදී සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු සංඛයාවක් දවාගෙන සිටින ක්‍රීඩකයාද වේ. මෙවර තරගවාරයේ තරග 4 කදී කඩුලු 18 ක් දවාගැනීමට සමත්ව සිටින කරන්ගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 19.55 ක අගයක් ගනී.
ඊයේ (31 වැනිදා) ලෝක කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති ප්‍රදර්ශන විස්සයි20 තරගයේදී ලෝක කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා සිටියද, එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට කැඳවීම් ලැබූ නිසා ඔහුට එම ප්‍රදර්ශන තරගය මඟහැරී ගියේය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.