Last Update  :  2025-12-24 19:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංතුෂ්-මදුවන්ත ශා.පිතර විද්‍යාලයට ඉනිමක ජයක් ගෙනෙති

සංතුෂ්-මදුවන්ත ශා.පිතර විද්‍යාලයට ඉනිමක ජයක් ගෙනෙති

Nisanka Sandeepani - 2018 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 74 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ඊයේ (17 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත පීතර විද්‍යාලයේ සංතුෂ් ගුණතිලක (123) ශතකයක් සහ ලකුණු 06 කට කඩුලු 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර කණිෂ්ක මදුවන්ත කඩුලු 7 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 30.2 කදී සියලුදෙනා දැවී ලකුණු 92
(විකුම් කල්හාර 30, කේෂර පුෂ්පකුමාර 30, සංතුෂ් ගුණතිලක 06/3, තාරීක් සබූර් 05/2, කණිෂ්ක මදුවන්ත 23/2, රුවින් සෙනෙවිරත්න 37/2)

ශා.පිතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 281
(සංතුෂ් ගුණතිලක 123, නිපුනක ෆොන්සේකා නොදැවී 84, ශැනන් ප්‍රනාන්දු 25)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 115
(රොෂාන් ජයරත්න 27, තිවෙන් තෙව්මික 26, කණිෂ්ක මදුවන්ත 35/5, වනුජ කුමාර 19/2)


අදහස් (0)

සංතුෂ්-මදුවන්ත ශා.පිතර විද්‍යාලයට ඉනිමක ජයක් ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.