‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ රාජසිංහ මහා විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 10 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝශප් විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 69, කිසිවකු නොදැවී රැස්කිරීමට ශාන්ත ජොශප් විදුහල සමත්වූ අතර විමුක්ති ඬේමියන් නොදැවී ලකුණු 34 ක් සහ පහන් පෙරේරා නොදැවී ලකුණු 26 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජසිංහ මහා විදුහල ලකුණු 68 කට සීමා කිරීමට ශාන්ත ජොශප් විදුහලේ පන්දුයවන්නන් සමත්වූ අතර එහිදී ලකුණු 5 කට කඩුලූ 4 ක් දවාගත් අකිල පෙරේරා රාජසිංහ මහා විදුහලේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.
රාජසිංහ මහා විදුහල සියලූ දෙනා දැවී 68
(අකිල පෙරේරා 5/4, රෙෂික ද සිල්වා 24/3)
ශාන්ත ජොශප් විදුහල කිසිවකු නොදැවී 69
(පහන් පෙරේරා නොදැවී 26, විමුක්ති ඬේමියන් නොදැවී 34)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.