Last Update  :  2025-12-23 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. අන්තෝනි බාලිකාවෝ ජයගනිති

ශා. අන්තෝනි බාලිකාවෝ ජයගනිති

Nisanka Sandeepani - 2018 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලය සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති ‘කඳුරට රැජිණියන්ගේ කුසලාන’ පළමු වාර්ෂික මහ ක්‍රිකට් තරගය ලකුණු 42 කින් ජයගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සමත්විය. 

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 189 ක ඉලක්කයක් හඹාගිය නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට නියමිත ඕවර 35 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.

ලක්මාලී රාජපක්ෂ අර්ධ ශතකයක් ලබාගනිමින් හුදෙකළා සටනක නිරතවූවද අනෙක් පිතිකාරිණියන්ගේ නිසි සහයෝගය නොලැබීම හේතුවෙන් තරගය පරාජයට පත්විය. පන්දු 50 කට මුහුණදුන් ලක්මාලී රාජපක්ෂ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළාය. මදාරා සමරකෝන් සමගින් පස්වැනි කඩුල්ල සදහා පන්දු 76 කදී ලකුණු 69 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ලක්මාලී රාජපක්ෂ සමත් වූවාය.
ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයේ නායිකාව විසින් පන්දු යවන්නියන් හත් දෙනෙකු යොදාගත් අතර  සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් කඩුලු 2 බැගින් දවාගැනීමට සුභානී රාජපක්ෂ සහ දිමුතු වර්ණසූරිය සමත්වූහ.

කාසියේ වාසිය දිනාගත් නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයීය බාලිකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා ශාන්ත අන්තෝනී බාලිකා විද්‍යාලයට ආරාධනා කළේය. නියමිත ඕවර 35 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 188 ක් රැස්කිරීමට ශාන්ත අන්තෝනී බාලිකාවෝ සමත්වූහ.

සුභානී රාජපක්ෂ සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 72 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක් පැවැත්වූ සඳුනි නිසංසලා දෙවැනි කඩුල්ල සඳහා සචිනි දයාරත්න සමගින් පන්දු 101 කදී ලකුණු 89 ක තවත් සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් වූවාය.

අර්ධ ශතකයක් ලබාගනිමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ සඳුනි නිසංසලා පන්දු 91 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 70 ක් ලබාගත්තේ ශාන්ත අන්තෝනී ලකුණු පුවරුව දිගින් දිගටම ක්‍රියාත්මකව තබමිනි. සිය නායිකාවට අනගි සහයක් දුන් සචිනි දයාරත්න පන්දු 63 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 47 ක් රැස්කළාය.

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයිය බාලිකා කණ්ඩායමේ නායිකාව පන්දු යවන්නියන් හත් දෙනෙකු යොදා ගත්තද නිසි ප්‍රතිඵල නෙලා ගැනීමට අසමත්වූවාය.

ශා. අන්තෝනී බාලිකා විද්‍යාලය - ඕවර 35 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 188
(සඳුනි නිසංසලා 70, සචිනි දයාරත්න 47)

නුගවෙල මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 35 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 146
(මදාරා සමරකෝන් 26, ලක්මාලී රාජපක්ෂ 53, සුභානී රාජපක්ෂ 18/2, දිමුතු වර්ණසූරිය 26/2)


අදහස් (0)

ශා. අන්තෝනි බාලිකාවෝ ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.