Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා.සෙබස්තියන් විදුහලට කඩුලූ 5 ක ජයක්

ශා.සෙබස්තියන් විදුහලට කඩුලූ 5 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වූ 31 වැනි ‘රන් මහ සටන’ වාර්ෂික එක්දින ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල අද (27 වැනිදා) සමත්විය.

ලකුණු 172 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත සෙබස්තියන් විදුහල ඕවර 46.1 කදී කඩුලූ 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකිරීමට සමත්විය.

නුවනිදු ප‍්‍රනාන්දු පන්දු 129 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 72 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර සිව්වන කඩුල්ල සදහා තරූෂ ප‍්‍රනාන්දු එක්ව පන්දු 121 කදී ලකුණු 85 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ඔහු සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල වෙනුවෙන් පන්දු 122 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 62 ක් රැස්කිරීමට කසුන් ඒකනායක සමත්විය.

මලින්ත පීරීස් ලකුණු 12 කට කඩුලූ 3 ක් සහ මිෂෙන් සිල්වා ලකුණු 35 කට කඩුලූ 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


වේල්ස් කුමර විදුහල - ඕවර 48 කදී සියලූ දෙනා දැවී 171
(කසුන් ඒකනායක 62, ඩිලන්ක මදුරංග 24, අවිදු ප‍්‍රනාන්දු 23, මලින්ත පීරීස් 12/3, මිෂෙන් සිල්වා 35/3, ප‍්‍රවීන් ජයවික‍්‍රම 35/2)

ශා. සෙබස්තියන් විදුහල -  ඕවර 46.1 කදී කඩුලූ 5 ක් දැවී 172
(අවිශ්ක ප‍්‍රනාන්දු 22, නුවනිදු ප‍්‍රනාන්දු නොදැවී 72, තරූෂ ප‍්‍රනාන්දු 45)

 


අදහස් (0)

ශා.සෙබස්තියන් විදුහලට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.