Last Update  :  2025-12-29 15:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශානුක දුලාජ්ගෙන් තවත් ශතකයක්

ශානුක දුලාජ්ගෙන් තවත් ශතකයක්

ශනුක අරවින්ද - 2014 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කදාන ද මැසිනොද් විදුහල අතර කදානේදී පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ.

වේල්ස් කුමර විදුහලේ ශානුක දුලාජ් පන්දු 154 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 148 ක් රැස්කරමින් මෙම තරග වාරයේ සිවුවැනි ශතකය රැස්කිරීමට සමත් විය. මෙවර පාසල් කි‍්‍රකට්වාරයේදී මේ දක්වා ලකුණු 1,000 ක් සම්පූර්ණ කළ එකම ක‍්‍රීඩකයා වන ශානුක මේ වන විට තරග 12 කදී ලකුණු 1,158 ක් රැස් කර තිබේ.

වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම 214
(ශානුක දුලාජ් 34, අෂේන් මෙන්ඩිස් 28, ක‍්‍රිෂේන් අපෝන්සු 74, රුක්‍ෂාන් ප‍්‍රනාන්දු 66/7, කාවින්ද මාන්පේරි 33/2)

ද මැසිනොද් විදුහල - පළමු ඉනිම 211
(ආකාෂ් සෙනෙවිරත්න 20, ශාලූක දීමන්ත 31, ළහිරු වික‍්‍රමසිංහ 58, ක‍්‍රිෂාන් සංජුල 38, ගයාන් චාමර 28/3, තිලාන් නිමේෂ් 53/4)

වේල්ස් කුමර විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 8 ට 261
(ශානුක දුලාජ් 148, අෂේන් මෙන්ඩිස් 47, හසිත ලංකා 42, ශාලූක දීමන්ත 85/3, රුක්‍ෂාන් ප‍්‍රනාන්දු 48/2)

ද මැසිනොද් විදුහල - දෙවැනි ඉනිම කඩුලූ 3 ට 86
(මල්ෂාන් ප‍්‍රනාන්දු 36, ළහිරු වික‍්‍රමසිංහ 25, තිලාන් නිමේෂ් 33/2)
 


අදහස් (0)

ශානුක දුලාජ්ගෙන් තවත් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.