සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 230 ට පිළිතුරු ලෙස ලකුණු 254 ක් ලබාගත් සාන්ත සර්වේශස් විද්‍යාලය 116 වැනි රුහුණු මහා නිල් සටනේදී ලකුණු 24 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්තේය.
මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම කි‍්‍රකට් තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (27) යි.
අද (26) සවස පැවැති අයහපත් ආලෝක තත්වය නිසා තරගය නතර කරන විට සාන්ත තෝමස් විද්‍යාලය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2ක් දැවී ලකුණු 48 ක් ලබාගෙන සිටියේය. ඒ සඳහා තෝමසුවෝ ඕවර 31 කට මුහුණ දී තිබිණ.
ශාන්ත සර්වේශස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 80 ක් ලබාගත් කවිඳු උමේෂ්ය. ඊට අමතරව රමේෂ් නිමන්තද ලකුණු 58 ක් හිමිකර ගනිමින් අර්ධ ශතකයක් වාර්තා කළේය.
සාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 68.1 කදී ලකුණු 230 යි
(රවීන්ද්‍ර ප‍්‍රවිනාත් 83, තරුෂ කාවින්ද 45, නිමන්ත කවීෂ්වර 38, මිහිසල් අමෝද 19, අකිල තිවංක 14, චානුක ඩිල්ෂාන් 73/5, තිලාන් පී කුමාර 33/2)
සාන්ත සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 67.5 කදී ලකුණු 254 යි
(කවිඳු උමේෂ් 80, රමේෂ් නිමන්ත 58, අජන්ත චන්දුල 21, සඳරු නෙත්මින 20, අශේන් දිමන්ත 18, චමිල් ධනංජය 18, ප‍්‍රවීන් මධුෂාන් 91/4, හෂීන් දිල්මාන් 77/4)
සාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 31 කදී කඩුලූ 2 ක් දැවී ලකුණු 48 යි
(ඉෂාන් ජයවර්ධන 13, අකිල තිවංක නොදැවී 17, නිපුන් අකලංක නොදැවී 15, චමිල් ධනංජය 11/1, තිලාන් පී කුමාර 11/1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.