අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ අශෝක විදුහල සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල අතර කොලොන්නාව හෙන්රි ඕල්කට් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ රිතික ගීනාත් ලකුණු 8 කට කඩුලු 3 ක් දවාගත් අතර අනිෂ්ක ගුණරත්න සහ දෙමිත දුල්නෙත් කඩුලු 2 බැගින් දවාගත්හ.
අශෝක විදුහල - ඕවර 29.5 කදී සියලු දෙනා දැවී 22
(රිතික ගීනාත් 08/3, අනිෂ්ක ගුණරත්න 02/2, දෙමිත දුල්නෙත් 07/2)
ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 33 කදී කඩුලු 7 ක් දැවී 66
(ස්ටීවන් සිල්වා 17, පුලිඳු දයංග 00/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.