Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් විදුහලට කඩුලූ 7 ක ජයක්

ශාන්ත ජෝශප් විදුහලට කඩුලූ 7 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ දෙවැනි වටයේ තරගයක් ලෙස කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහල සමත්විය.

ලකුණු 187 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝශප් විදුහල කඩුලූ 3 ක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියේය. එහිදී ශෙවෝන් ෆොන්සේකා ලකුණු 56 රැුස්කිරීමට සමත්වූ අතර කෙවින් කෝට්ලිං නොදැවී ලකුණු 48 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් බණ්ඩාරනායක විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 186 ක් පමණි. බණ්ඩාරනායක විදුහල් ඉනිමේ වැඩිම ලකුණුු ලාභියා වූ වගීෂ වන්නිආරච්චි ලකුණු 68 ක් ලබාගත්තේය.

බණ්ඩාරනායක විදුහල ඕවර 47.1 කදී සියලූ දෙනා දැවී 186
(වගීෂ වන්නිආරච්චි 68, මිනෝයි සේනානායක 25, නරේන් ගුණතිලක 27/2, මල්ෂාන් රුද්‍රිගූ 31/2)

ශාන්ත ජෝශප් විදුහල ඕවර 38.2 කදී කඩුලූ 3 ක් දැවී 187
(ශෙවෝන් ෆොන්සේකා 56, කෙවින් කෝට්ලිං නොදැවී 48, මිනෝයි සේනානායක 37/2)

036


අදහස් (0)

ශාන්ත ජෝශප් විදුහලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.