Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ ස්කොට්ලන්ත වයස 19 න් පහළ කණ්ඩායම අතර අද (30 වැනිදා) පැවැති පළඟ අවසන් පූර්ව තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 97 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම එහි අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 278 ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 40 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලබා සිටියේ ලකුණු 149 ක් පමණි. ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඇන්ගස් ගයි පන්දු 72 කදී ලකුණු 31 ක් රැස්කළේය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ චමිඳු විජේසිංහ ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් ස්කොට්ලන්ත යොවුන් ඉනිම අඩ පණ කළේය. දිල්ෂාන් මධුෂංක ලකුණු 26 කට කඩුලු 2 ක්ද, කවිඳු නදීෂාන් ලකුණු 42 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ස්කොට්ලන්ත කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා චමිඳුට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නායක නිපුන් ධනංජය (66), නවෝද් පරණවිතාන (54) සහ අහන් වික්‍රමසිංහ (59) එහිදී අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
කමිල් මිෂාර (39) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 103 කදී ලකුණු 90 ක සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ නවෝද්, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අතර පන්දු 52 කදී වාර්තා වූ මිෂාරගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.
ඉන් අනතුරුව පිටියේ එක්වූ නිපුන් සහ අහන් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 93 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 69 කට මුහුණදුන් නිපුන් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 50 කදී වාර්තා වූ අහන්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 5 කින් සමන්විත විය.
ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 277
(නවෝද් පරණවිතාන 54, කමිල් මිෂාර 39, රවිඳු රෂාන්ත 21, නිපුන් ධනංජය 66, අහන් වික්‍රමසිංහ 59, සොනාල් දිනූෂ නොදැවී 15, ජැස්පර් ඩේව්සන් 31/2, චාර්ලි පීට් 44/2)
ස්කොට්ලන්ත පිල - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 149
(උසයිර් ෂා 17, බෙන් ඬේව්සන් 18, ජැස්පර් ඬේව්සන් 20, ඇන්ගස් ගයි 31, කෙස් සජාඞ් 12, චමිඳු විජේසිංහ 31/3, දිල්ෂාන් මධුෂංක 26/2, කවිඳු නදීෂාන් 42/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.