Last Update  :  2025-08-13 19:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා පිල 157 කට දැවී යයි

ශ්‍රී ලංකා පිල 157 කට දැවී යයි

editorial - 2021 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩීන් එල්ගා (නොදැවී 92) සහ රාසී වැන්ඩර් ඩසන්ගේ (නොදැවී 40) පිතිහරඹය හමුවේ ජොහැන්නස්බර්ග්හිදී ඊයේ (3 වැනිදා) ආරම්භවූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන්වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුල්ලක් අහිමිකර ගනිමින් ලකුණු 148 ක් රැස්කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව පළමු ඉනිම සඳහා රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 9 ක් පසුපසින් දකුණු අප්‍රිකාව පසුවන්නේය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන අසිත ප්‍රනාන්දු දකුණු අප්‍රිකානු පිලේ පළමු කඩුල්ල ලකුණු 34 කදී දවාගැනීමට සමත්වුවද ඩීන් එල්ගා සහ රාසී වැන්ඩර් ඩසන් පිටිය පුරා ඔවුන්ගේ අණසක පැතිරවීමට සමත්වූහ. ඒ අනුව මේ වනවිට දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 114 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත්වූහ.

දෙවැනි ස්ලිප්හී පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් ඒඞ්න් මාක්රම් දැවී යනවිට ඔහුට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 5 ක් පමණි.

වේගපන්දු යවන්නන් වන ඇන්රිච් නෝයේ (56/6), වියාන් මල්ඩර් (25/3) සහ ලුතෝ සිපම්ලාගේ (27/1) විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 157 කට අවසන් කිරීමට දකුණු අප්‍රිකාව සමත්විය.

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පමණක් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කළද ඔහුගේ දැවීයාමත් සමගින් ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. දිවා ආහාරයට සුළු වේලාවකට පෙර ලකුණු 71 කට කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවෝ සාර්ථක පිතිහරඹයක නිරත වුවද ලකුණු 13 ක් තුල කඩුලු 4 ක් අහිමිකර ගැනීමට ඔවුන්ට සිදුවූහ. දිහා ආහාරයට පෙර යවන ලද අවසන් ඕවර 4 තුළදී ශ්‍රී ලංකා පළමු ඉනිම කණපිට ගැසීමට දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෝ සමත්වූහ.

සීමිත ඕවර තරගයක මෙන් වේගයෙන් ලකුණු රැස්කිරීමේ නිරතවූ කුසල් පෙරේරා පන්දු 67 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 6 ක් රැස්කර සිටියදී වියාන් මල්ඩර්ගේ පන්දුවක් හමුවේ ඒඩ්න් මාක්රම් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය. කුසල් පෙරේරා සහ ළහිරු තිරිමාන්න (17) එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 52 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.

කුසල් පෙරේරා දැවීගිය ඕවරයේ පස්වැනි පන්දුවේදී සිය කඩුල්ල පූජා කිරිමට කුසල් මෙන්ඩිස්ට සිදුවිය. පසුගිය වසරේ පන්දුවට පහරදුන් අවසන් ඉනිමේදීත් ලකුණු නොලබාම දැවී ගිය කුසල් මෙන්ඩිස් මෙම වසරේ පන්දුවට පහරදුන් පළමු ඉනිමේදීත් ලකුණු නොලබාම දැවී ගියේය.

දිවා ආහාරයට තරගය නතර කරන විට ලකුණු 84 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටි ශ්‍රී ලංකා පළමු ඉනිමට දිවා ආහාරයෙන් පසු එකතුවූයේ තවත් ලකුණු 73 ක් පමණි.

සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයන විට කුසල් පෙරේරාට අමතරව ලකුණු 20 සීමාව පසුකිරීමට හැකිවූයේ වනිඳු හසරංගට (29) සහ දුෂ්මන්ත චමීරට (22) පමණි. ලකුණු 110 කට කඩුලු 7 ක් බිඳවැටී තිබියදී 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ඔව්හු සමත්වූහ.

ඇන්රිච් නෝයේ ඉනිමකදී කඩුලු 5 කට වැඩියෙන් ලබාගත් දෙවැනි අවස්ථාව වූ අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසද වාර්තා වන්නේය. ඇන්රිච් නෝයේ ලකුණු 56 කට කඩුලු 6 ක් දවාගත් අතර වියාන් මල්ඩර් ලකුණු 25 කට කඩුලු 3 ක් සහ ලුතෝ සිපම්ලා ලකුණු 27 කට කඩුල්ලක් දවාගත්තේය. ඔවුන්ගේ වේගපන්දු යවන්නන් සිව්දෙනා පමණක් පන්දු යැවූ අතර ප්‍රධාන දඟපන්දු යවන්නාවූ කේෂව් මහරාජ්ට පන්දු යැවීමට අවස්ථාවක් හිමිනොවීය.

තේ පානය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි දකුණු අප්‍රිකානු පිල කිසිවෙකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය.

 


ලකුණු පුවරුව


ශ්‍රී ලංකා පළමු ඉනිම

දිමුත් කරුණාරත්න - ඇ.ඩි’කොක් ප.නෝයේ 2

කුසල් පෙරේරා - ඇ.මාර්ක්රම් ප.මල්ඩර් 60

ළහිරු තිරිමාන්න - ඇ.ඩු ප්ලෙසිස් ප.මල්ඩර් 17

කුසල් මෙන්ඩිස් - ඇ.වැන්ඩර් ඩසන් ප.මල්ඩර් 0

මිනෝද් භානුක - ඇ.වැන්ඩර් ඩසන් ප.නෝයේ 5

නිරෝෂන් දික්වැල්ල - ඇ.ඩි’කොක් ප.නෝයේ 7

දසුන් ශානක - ඇ.ඩි’කොක් ප.නෝයේ 4

වනිඳු හසරංග - ඇ.ඩි’කොක් ප.සිපම්ලා 29

දුෂ්මන්ත චමීර - ඇ.ඩි’කොක් ප.නෝයේ 22

විශ්ව ප්‍රනාන්දු - නොදැවී 2

අසිත ප්‍රනාන්දු - ප.නෝයේ 4

අතිරේක 5

ඕවර 40.3 කදී සියලුදෙනා දැවී ලකුණු 157

කඩුලු වැටීමඃ

1-19 (දිමුත්), 2-71 (පෙරේරා), 3-71 (මෙන්ඩිස්), 4-80 (තිරිමාන්න), 5-84 (මිනෝද්), 6-93 (දික්වැල්ල), 7-110 (දසුන්), 8-149 (වනිඳු), 9-151 (චමීර), 10-157 (අසිත)

පන්දු යැවීමඃ

ලුන්ගි න්ගිඩි : 10-3-44-0, ඇන්රිච් නෝයේ : 14.3-1-56-6, ලුතෝ සිපම්ලා : 9-3-27-1, වියාන් මල්ඩර් : 7-3-25-3


දකුණු අප්‍රිකානු පළමු ඉනිම

ඩීන් එල්ගා - නොදැවී 92

ඒඞ්න් මාක්රම් - ඇ.මෙන්ඩිස් ප.අසිත 5

රාසී වැන්ඩර් ඩසන් - නොදැවී 40

අතිරේක 11

ඕවර 37 කදී කඩුල්ලක් දැවී ලකුණු 148

පන්දුවට පහරදීමට සිටින පිතිකරුවෝඃ

ඩු ප්ලෙසීස්, කුයින්ටන් ඩි’කොක්, ටෙම්බා බවුමා, වියාන් මල්ඩර්, කේෂව් මහරාජ්, ඇන්රිච් නෝයේ, ලුතෝ සිපම්ලෝ, ලුන්ගි න්ගිඩි.

කඩුලු වැටීමඃ
1-34 (මාක්රම්)

පන්දු යැවීමඃ

විශ්ව ප්‍රනාන්දු : 10-0-40-0, අසිත ප්‍රනාන්දු : 10-2-30-1, දුෂ්මන්ත චමීර : 7-0-34-0, දසුන් ශානක : 6-1-13-0, වනිඳු හසරංග : 4-0-23-0

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල 157 කට දැවී යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.