Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 75 කදී 247/7
අද දිනයේදී මුහුණදුන් පළමු පන්දුවේදීම හයේ පහරක් එල්ල කරමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරගත් ශෝන් විලියම්සන් ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය. පන්දු 77 කට මුහුණදුන් විලියම්සන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් අලංකාර විය.
ඒ අනුව ලකුණු 361 ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 4.36 -
සිම්බාබ්වේ - ඕවර 74.5 කදී 241/7
වර්ෂාව හේතුවෙන් සිවුවැනි දිනය සඳහා තරගය නතර කිරීමට විනිසුරුවෝ තීරණය කරති.
තරගය නතර කරන විට නායක ෂොන් විලියස්ම්ස් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 47 ක්ද, ඩොනල්ඩ් ටිරිපානෝ නොදැවී එක් ලකුණක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 354 ක් ඉදිරියෙන් පසුවෙයි.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 4.12 -
තරගයට යළිත් වර්ෂාෙවන් බාධා ඒල්ල වෙයි.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 4.12 -
සිම්බාබ්වේ - ඕවර 74.5 කදී 241/7
මන්දාලෝක තත්වය හේතුවෙන් තරගය නතර කරයි.
තරගය නතර කරන විට නායක ෂොන් විලියස්ම්ස් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 47 ක්ද, ඩොනල්ඩ් ටිරිපානෝ නොදැවී එක් ලකුණක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 354 ක් ඉදිරියෙන් පසුවෙයි.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 74.3 කදී 240/7
සිම්බාබ්වේ කණ්ඩායමේ හත්වැනි කඩුල්ල ලෙස සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි ලකුණු 8 කට දැවී යයි.
ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි - ප.ලක්මාල් 8 (පන්දු 22)
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 70.4 කදී 228/6
සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ලකුණු 3 ක් ලබා සිටියදී ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි ලබාදුන් උඩ පන්දුවක් ඇන්ජලෝ මැතිව්ස් අතින් ගිළිහෙයි.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 3.45 -
තරගය යළිත් ආරම්භ කිරීම සඳහා නායක ෂොන් විලියස්ම්ස් (නොදැවී 40) සහ ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි (නොදැවී 0) පිටියට පිවිසෙති. සිම්බාබ්වේ ඉනිමේ 70 වැනි ඕවරය සම්පූර්ණ කිරීමට විශ්ව ප්‍රනාන්දු සූදානම්.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 3.00 -
මේ වන විට වර්ෂාව සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර තේ පානයෙන් අනතුරුව විනිසුරුවන් ක්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීමට නියමිතය.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 1.45 -
සිම්බාබ්වේ - ඕවර 69.2 කදී 222/6
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරයි.
තරගය නතර කරන විට නායක ෂොන් විලියස්ම්ස් හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 40 ක් ලබා සිටි අතර කඩුල්ලේ රැදී සිටි සෙසු පිතිකරුවා වූ ටිනොටෙන්ඩා මුටොම්බොඩ්සි ලකුණු ලබාගැනීම අරඹා තිබුණේ නැත.
සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 335 ක් ඉදිරියෙන් පසුවෙයි.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 67.5 කදී 221/6
සිම්බාබ්වේ කණ්ඩායමේ හයවැනි කඩුල්ල ලෙස විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සිකන්දර් රාසා ලකුණු 34 කට දැවී යයි.
සිකන්දර් රාසා - ක.මු. කළා ප.විශ්ව ප්‍රනාන්දු 34 (පන්දු 74, 4x4)
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 60 කදී 200/5
ඕවර 60 ක් අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 200 සීමාවට පසුකර ගියේය. ඒ වන විට සිකන්දර් රාසා හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, නායක ෂොන් විලියස්ම්ස් හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 54 කදී 179/5
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 179 ක් ලබා සිටි අතර ඒ වන විට සිකන්දර් රාසා හතරේ පහර 2 ක් සමග ලකුණු 17 ක්ද, නායක ෂොන් විලියස්ම්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 15 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 50 කදී 155/5
ඕවර 50 ක් අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටි අතර ඒ වන විට සිකන්දර් රාසා ලකුණු 4 ක්ද, නායක ෂොන් විලියස්ම්ස් ලකුණු 4 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 49.3 කදී 151/5
සිම්බාබ්වේ කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 67 කට දැවී යයි.
බ්‍රෙන්ඩන් ටේලර් - ක.මු. කළා ප.කුමාර 67 (පන්දු 75, 6x1, 4x8)
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 42.4 කදී 124/4
සිම්බාබ්වේ කණ්ඩායමේ සිවුවැනි කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ලගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් ටිමිසෙන් මුරුමා ලකුණු නොළබා දැවී යයි.
ටිමිසෙන් මුරුමා - ස්ට.දික්වැල්ල ප.ඇඹුල්දෙණිය 0 (පන්දු 14)
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 42.1 කදී 124/3
පන්දු 55 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග බ්‍රෙන්ඩන් ටේලර් සිය 10 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 38.2 කදී 109/3
සිම්බාබ්වේ කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 35 ක් ලබා සිටි ප්‍රින්ස් මසවුරේ දුවද්දී දවාගැනීමට ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය සමත් වෙති.
ප්‍රින්ස් මසවුරේ - දුවදීදී දැවී ගියා (ධනංජය සහ ඇඹුල්දෙණිය) 35 (පන්දු 105, 6x1, 4x3)
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 36.1 කදී 101/2
ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ලකුණු 28 ක් ලබා සිටියදී බ්‍රෙන්ඩන් ටේලර් ලබාදුන් උඩ පන්දුවක් විශ්ව ප්‍රනාන්දු අතින් ගිළිහෙයි.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 30 කදී 81/2
ඕවර 30 ක් අවසානයේ සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර ඒ වන විට ප්‍රින්ස් මසවුරේ නොදැවී ලකුණු 28 ක්ද, බ්‍රෙන්ඩන් ටේලර් නොදැවී ලකුණු 14 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 23.3 කදී 64/2
සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් දෙමින් රේගිස් චකබ්වා ලකුණු 15 කට දැවී යයි.
රේගිස් චකබ්වා - ඇ.ධනංජය ප.කුමාර 13 (පන්දු 39, 4x1)
--------------------------------------------------------------------------------------------------------------
පෙරවරු 9.00 -
සිවුවැනි දිනය සඳහා තරගය ආරම්භ කිරීමට ප්‍රින්ස් මසවුරේ (නොදැවී 26) සහ රේගිස් චකබ්වා (නොදැවී 14) පිටියට පිවිසෙති. සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ 21 වැනි ඕවරයේ අවසන් පන්දුව යැවීඹ සඳහා ළහිරු කුමාර පැමිණෙයි.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 4.50 -
වර්ෂාව හේතුවෙන් තවත් ඕවර 11 ක් පමණ යැවීමට ඉතිරිව තිබියදීම තරගයේ තෙවැනි දිනය අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කරති.
--------------------------------------------------------------------------------------------------------------
පස්වරු 4.42 -
සිම්බාබ්වේ - ඕවර 20.5 කදී 62/1
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරයි.
ප්‍රින්ස් මසවුරේ ලකුණු 26 ක් සහ රෙගිස් චකබ්වා ලකුණු 14 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
සිම්බාබ්වේ කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 175 ක් ඉදිරියෙන් පසුවන්නේය.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 12 කදී 33/1
සිම්බාබ්වේ පළමු කඩුල්ල ලෙස ක්‍රෙග් එර්වින් දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය.
ක්‍රෙග් එර්වින් - ඇ.දික්වැල්ල ප.විශ්ව ප්‍රනාන්දු 13 (මිනිත්තු 47, පන්දු 43, 4x1)
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ - ඕවර 10 කදී 32/0
ප්‍රින්ස් මසවුරේ ලකුණු 13 ක් සහ ක්‍රෙග් එර්වින් ලකුණු 14 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට වඩා ලකුණු 145 ක් ඉදිරියෙන් ඔවුන් පසුවූහ.
--------------------------------------------------------------------------------------------------------------
සිම්බාබ්වේ කණ්ඩායමේ දෙවැනි ඉනිම ඇරඹීම සඳහා ප්‍රින්ස් මසවුරේ සහ ක්‍රෙග් එර්වින් පිටියට පිවිසියහ. ආරම්භක පිතිකරු කෙවින් කසූසා පන්දු රැකීමේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් ක්‍රෙග් එර්වින් ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පැමිණයේය. පන්දු යැවීමට සුරංග ලක්මාල් කැඳවා ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.