ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා නිලවරණ කමිටුව පත්කිරීම ඇතුඵ සෙසු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන්ගේ විශේෂ මහ සභා රැස්වීමක් පැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරීයා වන ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කමල් පත්මසිරි මහතාට දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසිබලධාරියා ලෙසින් කටයුතු කරන කමල් පත්මසිරි මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ නිලවරණ කමිටුව පත්කිරීම සඳහා විශේෂ මහ සභාව පැවැත්වීමට කටයුතු කරමින් සිටින බවයි.
“ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජවල යෝජනා ස්ථිරත්වයෙන් නිලවරණය කමිටුව පත්කළ යුතුයි. විශේෂ මහ සභාව පත්වත්වන දිනය තවම තීරණ කර නෑ. අපි දැන් ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා” යැයි පත්මසිරි මහතා වැඩි දුරටත් පැවසීය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝගයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසරේ පෙබරවාරි මස 9 වැනි දින හෝ ඊට පෙර පැවැත්විය යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.