Last Update  :  2025-08-14 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෝනර් - සාහා හයිද්‍රාබාද් පිල අවසන් වටයට රැගෙන යති

වෝනර් - සාහා හයිද්‍රාබාද් පිල අවසන් වටයට රැගෙන යති

editorial - 2020 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව අඟහරුවාදා (3 වැනිදා) සාජාහිදී පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ලැබූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණියේ මූලික වටයේදී සහභාගි වූ අවසන් තරග තුනේදී ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුනේ රැදී සිටි දිල්ලි, බැංගලෝර් සහ මුම්බායි කණ්ඩායම් පරාජය කරමිනි. ඒ අනුව ඔවුන් සිකුරාදා (6 වැනිදා) අබුඩාබිහිදී අවසන් වටයේ පරාජිතයන් පිටු දැකීමේ තරගයේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට‍ එරෙහිව තරග වැදීමට නියමිතය.

අඟහරුවාදා පැවැති තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 17.1 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියේය. නායක ඩේවිඩ් වෝනර් (නොදැවී 85) සහ රිධිමන් සාහා (නොදැවී 58) එක්ව පන්දු 103 කදී ලකුණු 151 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 58 කට මුහුණදුන් වෝනර් හයේ පහරක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු රැස්කළ අතර පන්දු 45 කදී වාර්තා වූ සාහාගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් අන්තර්ගත විය. මෙම අර්ධ ශතකයත් සමග මෙවර අයි.පී.එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද වෝනර් සමත් වූ අතර මේ දක්වා තරග 14 කදී අර්ධ ශතක 4 ක් සමග ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 529 කි.

සන්දීප් ශර්මා ප්‍රමුඛ හයිද්‍රාබාද් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 149 ක් පමණි. එහිදී ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳහෙළීමට ශර්මා සමත් වූයේ මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාගේ කඩුලුද සමගිනි. ශාබාස් නදීම් සහ ජේසන් හෝල්ඩර් කඩුලු 2 බැගින් දවාගනිමින් මුම්බායි පිතිකරුවන් අරසණ කිරීම සඳහා ශර්මාට අනගි සහායක් දුන්හ.


මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 149

(ක්විටින් ඩි’කොක් 25, සූර්යකුමාර් යාදව් 36, ඉෂාන් කිෂන් 33, කිරන් පොලාඩ් 41, සන්දීප් ශර්මා 34/3, ශාබාස් නදීම් 19/2, ජේසන් හෝල්ඩර් 25/2)

සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 17.1 කදී කිසිවකු නොදැවී 151

(ඩේවිඩ් වෝනර් නොදැවී 85, රිධිමන් සාහා නොදැවී 58)


-036


අදහස් (0)

වෝනර් - සාහා හයිද්‍රාබාද් පිල අවසන් වටයට රැගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.