Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවෙන් පැමිණෙන සියලුම ගුවන් යානා රට තුළට පිවිසීම තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වන හෙයින්, ඩේවිඩ් වෝනර් සහ ස්ටීව් ස්මිත් දෙදෙනාම අයි.පී.එල්. තරගාවලියෙන් ඉවත්ව සියරට බලා යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) 2021 තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින් ජෛව බුබුලෙන් සුරක්ෂිතව සිටියද, කිහිප දෙනෙක් ම තරඟාවලියෙන් ඉවත් වී ආපසු සිය රට බලා ගියහ. ඉන්දියාවේ සිට පැමිණෙන පුද්ගලයින් සඳහා ඕස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීමට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනකු වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ද ගෙදර යාමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් වන ඇන්ඩෲ ටේ, ඇඩම් සැම්පා සහ කේන් රිචඩ්සන් වැනි අය කෝවිඩ් -19 ට ඇති බිය නිසා ඔවුන්ගේ අයිපීඑල් 2021 තරග බැඳීම් අතරමැදදී අවසන් කිරීමට තීරණය කළහ. කොරෝනා වෛරස් ආසාදිතයින් සඳහා අවශ්‍ය ඇඳන්, ඖෂධ, ඔක්සිජන් සහ වෙනත් අවශ්‍ය දෑ සපයා ගැනීමට ඉනදියාවේ රෝහල් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින අතර, වෛරසය වැළඳීම පිළිබඳව ක්‍රීඩකයින් අතර ඇති බිය පැහැදිලිව පෙනෙන්නට තිබේ.
“ඉන්දියාවෙන් පිටස්තර ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විචාරකයින් 30 දෙනෙක් විතර අපිත් එක්ක ඉන්නවා. රට පුරා පවතින, පිරිහෙමින් යන සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන, ඔවුන් ඉන්දියාවෙන් පිටව යාමට සූදානමින් ඉන්නේ” යයි නම සඳහන් කිරීමට අකමැති වූ අයෙන් අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවාවකට ප්‍රකාශ කර තිබේ.
කේන් රිචඩ්සන් සහ ඇඩම් සම්පා යන දෙදෙනාම බැංගලෝරයේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතර ඇන්ඩෲ ටේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කරයි. මෙම තිදෙනා ඉවත් වීමත් සමඟ අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 14 ක් දක්වා අඩුවී තිබේ. රාජස්ථාන් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 4 ක් දක්වා අඩුවී තිබේ.
මෙම වයිරසයේ පැතිරීම හේතුවෙන් ඉන්දියාවෙන් එන ගුවන් යානා ගොඩබෑම ඕස්ට්‍රේලියාව විසින් තහනම් කරනු ලැබුවහොත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ඉන්දියාවේ සිරවනු ඇත. එහෙත් තවත් ඕස්ටේ්‍රයානු වේග පන්දු යවන්නෙකු වන නේතන් කූල්ටර්-නයිල් කියා සිටියේ අයිපීඑල් ජෛව බුබුල “ආපසු ගෙදර යන මාර්ගයක් සොයා ගැනීමට වඩා ආරක්ෂිතයි” කියාය. ඉන්දියාවෙන් කෙලින්ම ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් කළ හොත් තුන්වන රටක නිරෝධායනය වීමට ඔහු සූදානම්ය.
‘චැනල් 9’ වාර්තාවකට අනුව, ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් මෙන්ම පුහුණුකරුවන් වන රිකී පොන්ටිං, ඩේවිඩ් හසී සහ සයිමන් කැටිච් තිදෙනා ද නැවත සියරට ගෙන ඒම පිළිබඳ සාකච්ඡා කෙරී තිබේ. නමුත් ස්ථිර කිසිවක් ඉදිරිපත් වී නොමැත. ඔවුන්ට අමතරව තවත් ඕස්ට්‍රේලියානුවන් පිරිසක් වන බ්‍රෙට් ලී, මයිකල් ස්ලේටර් සහ මැතිව් හේඩන් ද අයි.පී.එල්. විස්තර විචාරකයන්ගේ කණ්ඩායමේ සිටිති.
කෙසේ වෙතත් තමන්ගේ අය ගෙන්වා ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණයක් ගතහොත් මේ සියලු දෙනාටම ගෙදර යාමට සිදුවනු ඇත.
“මම බලා ඉන්නේ එය සිදුවන්නේ කෙසේද කියායි. නරකම තත්ත්වයට හැරුණොත්, අපට ගෙදර යන්න ඉස්සරවෙලා, සති දෙකක කාලයක් ඩුබායි හි නිරෝධායනය වෙන්න වෙයි. ඒත්එය නිසි පරිදි සිදුවේවි යන්න මගේ විශ්වාසයයි” යයිද නේතන් කූල්ටර්-නයිල් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවියට පවසා තිබේ.
ඉන්දියාවෙන් පැමිණෙන සියලුම ගුවන් ගුවන් යානා ගොඩබෑම සම්පූර්ණයෙන් තහනම් වීමේ විශාල ඉඩක් තිබේ. මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ කැබිනට් මණ්ඩලයේ ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.