Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නායක ඩේවිඩ් වෝනර් (52) සහ ජොනී බෙයාර්ස්ටෝ (97) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 91 කදී ගොඩනැගූ ලකුණු 160 ක වාර්තාගත සම්බන්ධතාව හේතුවෙන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඩුබායිහිදී පැවැති අයි.පී.එල්. තරගයෙන් ලකුණු 69 ක පහසු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (08) සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම පළමු කඩුල්ලේ සම්බන්ධතාව හේතුවෙන් ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබාගත්තේය. ශතකය පෙනි පෙනී දැවී ගිය බෙයාර්ස්ටෝ පන්දු 55 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 7 ක් සිය ඉනිමට ඇතුළත් කළ අතර පන්දු 40 කදී වාර්තා වූ වෝනර්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
එකම ඕවරයක් තුළ දවාගත් වෝනර්ගේ සහ බෙයාස්ටෝගේ කඩුලු දෙකද සමගින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගැනීමට රවී බිෂ්නොයි සමත් වූ අතර අර්ෂ්දීප් සිං, පංන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 33 කට කඩුලු 2 ක් දවාගත්තේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට රෂීඩ් ඛාන් ප්‍රමුඛ හයිද්‍රාබාද් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 132 ක් පමණි. එහිදී හුදකලා පිතිහරඹයක නිරත වූ නිකලස් පූරන් පන්දු 37 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 77 ක් රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂීඩ් ඛාන් සිය ඕවර 4 ලකුණු 12 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තේ පූරන්ගේ කඩුල්ලද සමගිනි. කලීල් අහමඩ් සහ ටී. නටරාජන් ලකුණු 24 කට කඩුලු 2 බැගින් දවාගිමින් පන්ජාබ් පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා රෂීඩ්ට අනගි සහායක් දුන්හ.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 201
(ඩේවිඩ් වෝනර් 52, ජොනී බෙයාර්ස්ටෝ 97, කේන් විලියම්සන් නොදැවී 20, රවී බිෂ්නෝයි 29/3, අර්ෂ්දීප් සිං 33/2)
කිංග්ස් XI පන්ජාබ් පිල - ඕවර 16.5 කදී සියලු දෙනා දැවී 132
(නිකලස් පූරන් 77, රෂීඩ් ඛාන් 12/3, . කලීල් අහමඩ් 24/2, ටී. නටරාජන් 24/2)
- 036
(ඡායාරූප - අයි.පී.එල්. නිල වෙබ්අඩවිය අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.