‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 17 න් පහළ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ අසෝක විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 242 ක ජයක් දැවැන්ත ජයක් වාර්තා කිරීමට වේල්ස් කුමර විදුහල විදුහල සමත්විය.
ලකුණු 305 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය අසෝක විදුහලේ පිතිකරුවන් සියලූ දෙනා ලකුණු 62 කට දවාගැනීමට වේල්ස් කුමර පන්දුයවන්නෝ සමත්වූහ. එහිදී කේ. යොහාන් කඩුලූ 4 ක්ද, තිලාන් නිමේෂ් කඩුලූ 3 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමර විදුහල නියමිත ඕවර 50 අවසානයේ ලකුණු 304 ක් ලබාගත්තේය. එහිදී වේල්ස් කුමර විදුහලේ වැඩිම ලකුණු ලාභියා වූ තිලාන් නිමේෂ් ලකුණු 67 ක් රැස්කිරීමට සමත්විය.
වේල්ස් කුමර විදුහල ඕවර 50 කදී කඩුලූ 8 කට 304
(තිලාන් නිමේෂ් 67, චතුරංග පීරිස් 46, කසුන් ප‍්‍රනාන්දු 46, සඳුන් සොයිසා 34, ඩිලංක ගුණසේකර 30, සංජු ජයංග 10/2)
අසෝක විදුහල ඕවර 26.2 කදී සියලූ දෙනා දැවී 62
(කේ. යොහාන් 23/4, තිලාන් නිමේෂ් 13/3, කසුන් ඒකනායක 10/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.