Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙළඳසේවා ලීග් ශූරතාව එල්.බී.ෆිනෑන්ස් පිලට

වෙළඳසේවා ලීග් ශූරතාව එල්.බී.ෆිනෑන්ස් පිලට

Nisanka Sandeepani - 2018 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා සිංගර් ආයතනයේ අනුග්‍රහය ඇතිව වෙළද සේවා සංගමය සංවිධානය කළ 26 වැනි වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් ක්‍රිකට් ශූරතාව පළමු වරට හිමිකර ගැනීමට ලක්ෂාන් රොඩ්‍රිගූ නායකත්වය දරණ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම සමත්විය. 

අපරාජිතව ලීග් ශූරතාව හිමිකරගත් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම තරග 9 කට සහභාගිවී ඉන් තරග 8 ක් ජයගත් අතර අතිරේක ප්‍රසාද ලකුණු 7 ක් සමගින් ප්‍රසාද ලකුණු 41 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය. ඩිමෝ කණ්ඩායම සමගින් පැවැති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

පසුගිය වසරේදී ‘ඒ’ කොටසේ තරගාවලිය සඳහා උසස්වීමක් ලැබූ එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ඔවුන් සහභාගීවූ දෙවැනි වසරේදීම ශූරතාව හිමිකර ගැනීමට සමත්වූහ. 

එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම ශූරතාව කරා යෑමේදී පිත්තෙන් දස්කම් දැක්වූ සධීර සමරවික්‍රම තරග 8 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 478 ක් රැස්කිරීමට සමත්විය. සම්පත් බැංකු පිලට එරෙහිව ලැබූ ලකුණු 121 සධීර සමරවික්‍රම මෙවර තරගාවලියේදී ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමට එරෙහිවද ශතකයක් (118) ලබාගැනීමට ඔහු සමත්විය. 

සධීර සමරවික්‍රමට අමතරව එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චරිත් අසලංක තරග 8 කදී අර්ධ ශතක 5 ක් සමගින් ලකුණු 378 ක් ද, ඇන්ජලෝ පෙරේරා තරග 8 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 242 ක් ද, කුසල් මෙන්ඩිස් තරග 5 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමගින් ලකුණු 233 ක් සහ ධනංජය ද සිල්වා තරග 5 කදී අර්ධ ශතක 2 ක් සමගින් ලකුණු 205 ක් රැස්කිරීමට සමත්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ චරිත් සුධාරක සහ ශිරාන් ප්‍රනාන්දු එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 13 බැගින් දවාගනිමින් වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නෝ වූහ. ඊට අමතරව ශෙහාන් ජයසූරිය කඩුලු 10 ක්ද, රජීව වීරසිංහ කඩුලු 9 ක් සහ චරිත් අසලංක කඩුලු 7 ක් දවාගනිමින් එල්.බී.ෆිනෑන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය දායක වූහ.

2014, 2015, 2017 සහ 2018 වසර වලදී වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ලීග් ක්‍රිකට් ශූරතාව හිමිකරගත් මාස් යුනිචෙලා කණ්ඩායම මෙවර තරගාවලියේදී ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්විය. තරග 9 කට ක්‍රීඩාකළ මාස් යුනිචෙලා කණ්ඩායම තරග 5 ක් ජයගනිමින් තරග 3 ක් පරජයවී ඇති අතර එක් තරගයක් විසඳුමකින් තොරව අවසන්වී ඇත.

මාස් යුනිචෙලා කණ්ඩායම සහ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 27 බැගින් ලබාගනිමින් සම මට්ටමේ පසුවුවද තරග කොන්දේසීන් වලට අනුව වැඩිම තරග සංඛ්‍යාවක් ජයගත් කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවිය. තරග 9 කට ක්‍රීඩාකළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ඉන් තරග 6 ක් ජයගෙන ඇති අතර තරග 3 ක් පරාජයට පත්වී ඇත.

ලීග් තරගාවලියේ අවසන් ප්‍රසාද ලකුණු සටහන

 

 


අදහස් (0)

වෙළඳසේවා ලීග් ශූරතාව එල්.බී.ෆිනෑන්ස් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.