‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට කොළඹ වෙස්ලි විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
වෙස්ලි විද්‍යාලයේ මොවින් සුබසිංහ (82) සහ තිසුරක අක්මීමනද (63) ශාන්ත අනේතෝනී විද්‍යාලයේ ජොයෙල් පින්ටෝ (82) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
වෙස්ලි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 75 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 317
(මොවින් සුබසිංහ 82, තිසුරක අක්මීමන 63, සාහිල් ඩයස් නොදැවී 26, බුද්ධිම විජේසුන්දර 22, පැතුම් විහඟ 64/3, සංකිත හිරුෂාන් 44/2, අරින්ද පසිඳු 54/2)
ශා.අන්තෝනී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.4 කදී සියලුදෙනා දැවී ලකුණු 179
(රොමේෂ් වනිගසේකර 29, අරින්ද පසිඳු 21, කවීෂ දුලංජන 27, විශාල් සිල්වා 26, දෙනුවන් මෙන්ඩිස් 33/2, ශෙනාල් දංගල්ල 17/2, තෙනුක පෙරේරා 15/3, සාහිල් ඩයස් 31/2)
ශා.අන්තෝනී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 150
(ජොයෙල් පින්ටෝ 82, දොන් රොමේෂ් නොදැවී 28, විශාල් සිල්වා 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.